ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රථම මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී අද (01) සවස පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ,අනෝමා ෆොන්සේකා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනිත් විපුලගුණ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිට්ලර් , සදාම් හුසේන්,ඉඩිඅමින්, අර්ශඩ්, පර්විෂ් මුෂාරප් රටවල් පාලනය කළේ සෙනග ඉදලද නැහැනේ. ඉතින් ෆොන්සේකාට බැරිද ? (නි)
සෙනග නම් අඩුයි නේද? (නි)
මේ ගුණමකු මිනිසුන් අපහාසකරන්නේ තෙවරක් මරු තුරුලට ලංව ප්‍රභාකරන් නම් මීනීමරුවාගෙන් මවුබිමට නිදහස දිනාදුන් මහා විරුවාටයි (නි)
දිගු ගමනක සුබ ලකුණු හා පෙර නිමිති ඔබ සතුව ඇත.(නදී)
මම ලංකාවේ හිටියා නම් මමත් මෙයට සහබාගි වෙනවා. ජය! (නි)
අපි ඔබතුමා සමගයි. ඔබතුමාට ජයවේවා! (නි)
ඔබතුමාට දේශපාලනේ ගැළපෙන්නේ නැහැ (නි)
මටත් යන්න තිබුනා නම් කියලා හිතුනා. සැබෑවටම මවු රටට ආදරය කරන පුද්ගලයෙක්. නීතිය සහ සැබෑ නිදහස අපට දිනාදෙන්න ශක්තිය ලැබේවා. (නි)
ෆොන්සේකා මැතිදුනි, ඔබතුමා විනාස වුණේ යු.අන්.පි. එකයි ජේ.වී.පි. එකයි නිසා. මීට පස්සෙවත් එයාලගේ ලනු කන්නේ නැතුව අවංකවම රට වෙනුවෙන් කැපවෙන්න. අද රටේ සිදුවෙන දේවල් ගැන ජනතාව කලකිරිලා ඉන්න නිසා ජනතාව විසින්ම ඔබතුමාව ඉහලට ඔසවන දවසක් පැමිණේවි. අන්න එදාට රටේ සම්පත් මුළු රටේම ජනතාවගේ යහපත උදෙසා යොදවන්න, දේශපාලකයන්ගේ පෞද්ගලික බුදලයක් කරගන්න ඉඩ නොදී. (නි)
අප්පේ සෙනග, කියලා වැඩක් නැහැ. (නි)
මම මෙතුමාට ගරු කරනවා. නමුත් දේශපාලනය මෙතුමාට උචිත නැහැ. සම්පුර්ණ මඩ ගොහොරුවක්. අනික කම්කරු දිනයක පළමු උත්සවේටම වේදිකාවේ ෆෑන් 2 ක් දකින්න තිබෙනවා. මහජනයාට මෙයාලා දුක් වින්දේ නැති වුණත් දුක් විදින බවක් පෙන්නන්න ඕනෑ. මහජනතාව අවුවේ කරවෙනවා .මේවගේ දේවල් වලින් මහජනතාව කලකිරෙනවා.මම මේකෙන් අදහස් කරන්නේ අඩු පාඩු හදාගන්න මිසක් කාටවත් ආවඩන්න අවශ්‍යතාවයක් ඇති බව පෙන්වීම නෙමෙයි (නි)
ඡන්ද කී ලක්ෂයක් ගත්තු කෙනෙක්ද මේ? (නි)
රැලි ගොඩයි. කෝ ලොන්ඩරියක්, අයන් එකක්?, රැලි යන්න මැද ගන්න. (නි)
ආදර්ශමත් නායකයෙක් ඔබ
ජයවේවා
රසිකා, ඔබගේ අදහසට මම එකග වෙමි. අද මැයි දින රැලි වලට එන්නේ සැබෑ කම්කරුවන් නොවේ. ජනරාල්තුමනි, ඔබට හැකිනම් මේ සංස්කෘතිය වෙනස් කීරීමට එදිනට ඔබ පසුපස මිනිසුන් වැල නොකැඩී එනු ඇත. ඔබට ඒ සදහා සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
සම්පත් කුමාර, ස්වයං රැකියා නොකරන හැම කෙනෙක්ම කුලී කාරයෝ තමයි. දැන් ඉන්න හමුදා සෙබළු හෙළා දකින්න එපා. යුද්ධයක් නැත්නම් ඒ ගොල්ලෝ ගෙදර යවන්නද? (නි)
විශිෂ්ට සෙම්පතියෙක් ඔබ
මමත් ලංකාවේ හිටියා නම් මෙතුමාගේ පක්ෂයේ රැලියට සහභාගි වෙනවා. (නි)
ඔහොම යමු සර් (නි)
බොඳ දියාරු විපක්ෂයක් තිබීමේ වාසිය මත හැසිරෙන රජයකට ටිකක් හරි දන්වන්න පුළුවන් ඔබ ඍජුව සිටියොත්. නමුත් ලොකු ජන පදනමක් ඇතිකර ගන්න නම් හොඳ ක්‍රියාකාරීන් පිරිසක් ඔබ වටා සිටිය යුතුයි. දැනට නම් එහෙම තත්වයක් නැහැ. (නි)
ඔබතුමා ඔය කුහකයෝ කියන දේවල් ගනන් ගන්න එපා. ඔබතුමා වැනි නායකයෙක් බිහි වීම අපේ රටට භාග්‍යයකි. (නි)
ඔබට සදා ජය
වටිනා නායකයෙක්
දේශපාලනයට සාදරයෙන් පිලිගන්නවා
දේශපාලන පළපුරුද්ද අවශ්‍ය නැහැ. ක්ෂේත්‍රයට පිවිසියාට පසු ඒවා ඉබේම ලැබෙනවා (නි)
සෙනග ඇතත්, සෙනග නැතත් පැහැදිලි ප්‍රතිපත්තිගරුක සෘජු දේශපාලන ගමනක් යන්න. අන්න එදාට රටටම හිස් මොළ පෑදේවි. රටටම පාර පෙන්නන්න පුළුවන් වුන දාට හැම කෙනෙක්ම මේ පෝළිමට එකතු වෙයි. අද අවශ්‍යතාව - පැහැදිලි, පිරිසිදු, ප්‍රතිපත්තිගරුක, ඒ විතරක් මදි එඩිතර ක්‍රියාශීලී කාර්‍යක්ෂම දේශපාලන පක්ෂයක්... ඒ ශක්තිය ඔබ පිරිසට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)
රසික, එහෙනම් ඉතින් කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙනවා. (නි)
අපි ඔබ තුමා සමගයි
ජෙනරල්තුමනි, ඔබතුමා රට බේරා ගත් බව අපිට අමතක නොමැත. මෙතුමා නොහිටින්න යුද්ධය තවම යනවා. කෙලින් වැඩ කරන කරන දේ කෙලින් කියන නියම නායකයෙක්. මම හිසමුදුනින් ගරු කරනවා. (නි)
ජයවේවා ඔබතුමන්ට
අපි ඔබට ඔබ අපිට
ජයවේවා ඔබ තුමාට අපි ඉන්නවා ඔබ තුමා සමග (දී)
මමත් ලංකාවෙ සිටියා නම් ඩිල්ෂානි සමග මෙම රැලියට සහභාගි වෙනවා, සහතික වශයෙන්ම. (නි)
අපි ජනදිපතිතුමාට ගරු කරනවා වගේම , මෙතුමාටත් ගරු බුහුමන් කළ යුතුයි යන්න මගේ අදහසයි (නි)
හමදාපතිතුමාට මම කැමතියි. ඔහු මට වීරයන් අතර වීරයකු වී සිටිනවා. ඔහුට රට බාරදිය යුතු යැයි මම හිතනවා. මුග්ධ මිනිසුන්ට ඔහුව වටහා ගන්න අමාරුයි.(ස)
සුභපැතුම් මහත්තයෝ
මෙතුමාගේ ඡන්දය ඉල්ලීම ගැන සාධාරණීකරණය කරන්න අමාරුයි. එහෙත් රට ගොඩදාන්න ලොකු දායකත්වයක් සැපයු මෙතුමාට සිද්ධ වෙච්ච අසාධාරණය අනුමත කල නොහැකිය. මේ හැම අගරු කීරිමක්ම මම හිතන්නේ ප්‍රතිපත්ති නැති දේශපාලනයට ගොඩවූ නිසා ඇතිවෙච්ච කරදර කියලයි (නි)
වීරෝදාර සෙනෙවියාණනි, ඔබ ජරාජීර්ණ බල ලෝභී දේශපාලනය වෙනස් මගකට යොමු කරන්න. එදා වීරෝධාර රණවිරුවන්ගේ මහා සෙනෙවියා වශයෙන් විදෙස් වලදීද කළ ප්‍රකාශ අමතක නොකරන්න. මේ සිංහල රටේ කාහටත් එකම නීතියක් යටතේ ජීවත් වීමට ඉඩ සලසන්න. බස් එකේ යන දුප්පතාගේ දුක සෙවීමට කිසිදා බස් රථයක නොගිය අය පත් කිරිම වැනි වැඩ නොකරන්න.කොටින්ම කියනවා නම් ඔබතුමාලා මාලු සමග කනකොට දුප්පතාට කරවල කෑල්ලක් සමගවත් හිඟා නොකා බත් කෑමට සලස්වන්න. (නි)
මීට පස්සෙවත් යු.අන්.පි./ජේ.වී.පි.ලනු කන්නේ නැතුව ඔහොම තමයි යන්න ඕනෑ. ඉතා හොඳ ආරම්භයක්. (නි)
මම ලංකාවේ හිටියා නම් මෙතුමාගේ පක්ෂයේ රැලියට සහභාගී වෙනවා. (නි)
ජෙනරාල් තුමනි! පොඩියට පටන් ගත් නමුදු දිගු ගමනක සුබ ලකුණු හා පෙර නිමිති ඔබ සතුව ඇත. කශේරුකාවක් නැති මෝඩ තක්කඩියන් වේදිකාවේ බේගල් අදිමින් අහිංසක ජනතාවගේ දේපළ සූරා කමින් වැජබෙති.ජනතාවට එදාවේල සරි කර ගැනීමට නොහැකිව හූල්ලති.මෙම අව නඩුව විසඳීමට කොන්දක් ඇත්තේ ඔබතුමාට පමණි. චිරං ජයතු අපේ අනාගත නායකයාණනි! (නි)
අපගේ උණුසුම් සුබ පැතුම් ! (ස)
ඔබට සුබ අනාගතයක් ජෙනරල්තුමනි! (නි)
ජය වේවා! (නි)
දේශපාලනයේ කොහෙද අවංක මිනිසුන්? එනිසා දේශපාලුවන් පිටුපස යන මිනිසුන් හැමදාම අතරමං... (නි)
යුක්තිය අගයන සමෘද්ධිමත් දේශය හදන එක ඔබට බාරයි සෙන්පතිතුමනි. ජයවේවා!!! (නි)
අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
එඩිතර සෙන්පතියාණෙනි, ඔබට ජය නියතයි. ඔහොම යමු. (නි)
සාදරයෙන් පිලිගන්නවා ඔබව
දක්ෂ පාලකයෙක් ඔබ
මමත් යුද හමුදාවේ කොමාන්ඩෝ එකේ අවුරුදු ගානක් සේවය කර ඇත. අද හමුදාවට ලංකාවේ තැන තියෙන්නේ කුලී වැඩ කරන මිනිස්සු ගානට. මම ලංකාවේ යුද්ධය ඉවර වුණ ගමන් සේවයෙන් ඉවත් වුණා. අනිවාර්යයෙන් මම ලංකාවේ හිටියා නම් මමත් එනවා මේ රැළියට (නි)
ඇත්තටම සෙනග හිටියා
හිටපු හමුදාපතිතුමනි, මුලින්ම ඔබ කරදර බාධක මැද , අසූචි තවරාගත් දේශපාලුවන්ගේ අතකොළුවක් නොවී මේ ගමන යන්න . එවිට ඔබතුමා ජය ගනු ඇත. නමුත් එම ගමන යාමේදී කලින් ඔබතුමාට අමතක වූ කරුණු කීපයක් මතක් කරගත යුතුමය. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනය විෂමාකාරය. ඔබතුමා එසේ නොවී ඔබගේ ගමන නිවැරදිව යතොත් ඔබ ජයගනු ඇත . (නි)
කෝ අනේ කැටය ? ( නු)
ඔබතුමාට අපි ඉන්නවා
ප්‍රතිපත්ති ජනතාවගේ හිතට කාවද්දන්නේ නැතුව ඉදිරි ගමනක් නැහැ. එනිසා පක්ෂයේ ප්‍රතිපත්ති මිනිසුන්ගේ හිතට දෙන්න. සුබ අනාගතයක්. (නි)
ආඩම්බරයි ඔබ ගැන (දී)
අනේ මන්දා. ඔබතුම දේශපාලනයට ගැලපෙන්නේ නැත යන්නයි මගෙ නම් අදහස. (නි)
ඉතා හොඳ ආරම්භයක්. මහා දිය ඇලි වුණත් පටන් ගන්නේ පුංචි දිය කඩකින්. මමත් ලංකාවේ උන්නා නම් අනිවාර්යයෙන් මෙයට සහභාගී වෙනවා. රටේ සොල්දාදුවෝ ජීවිත පුද බේරාගත් රට, යලිත් තවත් දේශපාලන ත්‍රස්තවාදයකට යටවෙලා තිබෙන නිසා මේ ත්‍රස්තවාදයෙන්ද රට බේරා ගැනීමට ඔබට වාසනාව ලැබේවා කියා මම ඔබට ඔබ යන මේ ගමනට ශුභ පතමි! ඉක්මන් නොවන්න. හෙමින් ගමන වඩා දුරකට ඔබ රැගෙන යාවි. (නි)
ඩිල්ෂානි, ඔයා ලංකාවේ නොහිටිය එකමයි හොද. (නි)
සුබ අනාගතයක පෙර ළකුණු... (නි)
මෙතන තමයි රටට ආදරේ, මොලේ තියෙන සැබෑ මිනිස්සු ටික ඉන්නේ. (නි)
කොයි කවුරුත් මුලදී ඔහොම තමා කියන්නේ. බලය ලැබුනම රටට හිතද නැද්ද බලන්න පුළුවන් (නි)
ජනතා මුදල් කාබාසිනියා කරන, රටවල් වල රවුම් ගහන, රටට කිසිම වැඩකට නැති දේශපාලුවන්ගේ වත්කම් මුළු රටටම එලි කරන්න නම් මෙතුමා වගේ කොන්ද කෙලින් වැඩ කරන නායකයෙක් තමයි රටට අවශ්‍ය (නි)
කාටද ආඩම්බර
ජයවේවා
සුභ පැතුම්! (නි)
අවංකව මෙච්චර මිනිස්සු ටිකක් හිටියත් ඇති.මිනිසුන් ඇත්ත තේරුම් ගත් දාට මුළු රටම ඔබ සමගයි. ජෙනරල්තුමනි, අපෙන් සුබ පැතුම් (නි)
කාට නැතිවුනත් එතුමා තවමත් අපට නම් අභීත සෙන්පති. (ස)
රසික, ඔබේ අදහසට මමත් එකගයි. කෙලින් වැඩ කරන නායකයෙකුගේ අවශ්‍යතාවය දැන් හොදටම දැනෙන වෙලාව මේ (නි)
මම සහතික වශයෙන්ම ලංකාවෙ සිටියා නම් මෙම රැලියට සහභාගි වෙනවා. කෙලින් වැඩ කරන නායකයෙකුගේ අවශ්‍යතාවය දැන් හොදටම දැනෙන වෙලාව මේ. ජෙනරාල්තුමනි, ඔබට හැකිනම් මේ සංස්කෘතිය වෙනස් කීරීමට එදිනට ඔබ පසුපස මිනිසුන් වැල නොකැඩී එනු ඇත. ඔබට ඒ සදහා සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ඔබ සෙන්පති වුණත් දේශපාලනය පිලිබඳ අත්දැකීම් වලින් පරිපූර්ණ කෙනෙක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
අනේ මන්දා.මට නම් හිතෙන්නේ දැන් තියෙන ආණ්ඩුවම තියෙන එක හොදයි කියලා. මොකද සේරම එකයි. අපියි වෙනස් වෙන්න ඕනෑ. (නි)
බුදු සරණයි !!!!
පව් තානාපති කෙනෙක් වෙලා ඉන්න තිබුනා. ලබන ආත්මෙදිවත් ට්‍රයි කරන්න කෝකටත් අනෝමව පරිස්සම් කර ගන්න එයාටත් එපා වෙලා ඇති.(නදී)
කොහොම හිටපු මනුස්සකෙක්ද මේ? (නි)
සුභ ගමන් ඔබට! (නි)
වැඩක් නෑ (අ)
රසිකා, ඩිල්ෂානි, සහතික ඇත්ත. ඒත් ලංකාවෙ ඉන්නෙ මෝඩ මිනිස්සු ටිකක්නේ. (නි)
පළමු වෙනි රැලියට මෙච්චර හිටියා හොදටම ඇති මැතිදුනි. ඔබ මේ රට බාරගන්න ඕනෑ. වෙන කෙනෙක් නැහැ මේ රට ගොඩගන්න. (නි)
ලංකාව වෙනස් කරන්න පුලුවන් එකම සැබෑ නායකයා. සත්‍යය කවදා හෝ ජය ගනී ! (නි)
කව්රු උනත් ඉතින් මැයි රැලි පවත්වන එක හොදයි නේ (දී)
නව මෙහෙයුමක හොඳ ආරම්භයක්.(ස)
වැඩේ නම් නියමයි
සමහරුන්ට ප්‍රබාකරන් අමතක නොවුණත් ඔබතුම අමතකයි. ප්‍රතිපත්තියක් ,ඉතිහාසයක් අමතක මිනිසුන් වැසෙන රටක් කොහොම නම් දියුණු කරම්ද? අද ජනයා වැඩිදෙනා වෙඩි වැදී නවලෝකයෙන් එලියට එන වුන් වැනිය. (නි)
දහයකට කතා කලොත් අට දෙනෙක් ඔබ තුමා සමගයි. එම නිසා ඔබතුමා නිතර මහජනතාව අතරට යන්න. පක්ෂයට සමජිකයින් බදවාගන්න. අප ඔබ සමග සිටිනවා. ජය වේවා ! (ස)
ගොඩක් කැමතියි ඔබ අප අතරට ආවට. සුබ ගමන්. ජය වේවා !! (නි)
ජෙනරාල්තුමනි, ඔබට විතරයි ඉන්දියාවේ සපත්තුවට යට නොවී ශ්‍රී ලංකාව පාලනය කරන්න පුළුවන්. (නි)
ඔබට ධිර්ග ගමනක් යන්න පුළුවන්
අවංක උගතුන් ටිකක ලං කරගන්න. පක්ෂ මාරු කරමින් ඇමතිකම් ගනිමින් එහාට මෙහාට පනින අයට පක්ෂයේ තැන දෙන්න එපා. ලං කරගන්නත් එපා. ජනතාවට බොරු කියන්න එපා. ඔබ වැනි යුග පුරුෂයෙක් රට දැන් අවශ්‍යයි. ජනතාව ඔබ පසු පස නියත වශයෙන්ම එනවා. සැමදා අවංක වෙන්න. (නි)
රුවන් වැලි සෑය හැදුවෙ දුටු ගැමුණු රජ තුමාද? ඒහෙම නැත්නමි මේසන් බාස්ද?(නදී)
සුභ පැතුම්. ඔබට ජය පතනවා. ඔහොම යමු. (නි)