(සනත් ගමගේ)
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් ටිපර් රථ රියදුරා මියගොස් 35 දෙනකු පමණ තුවා ලබා ඇතැයි හුංගම පොලීසිය කියයි.
පෞද්ගලික බස් රථය මාතර සිට සූරියවැව දක්වා ධාවනය වූ අතර, වැලි පටවාගත් ටිපර් රථය තංගල්ල දෙසට ධාවනය වී ඇති බව පොලීසිය කියයි.
කිවුල ප්‍රදේශයේ වංගු සහිත ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පපසයි. අනතුරත් සමග ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය පැයකට ආසන්න කාලයක් නතර වී තිබූ බවද පොලීසිය කියයි.
ටිපර් රථයේ සහ බස් රථයේ රියදුරන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා එළියට ගැනීමට සිදු වූ බවත් තුවාලකරුවන් හම්බන්තොට සහ අම්බලන්තොට රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.


----------------------------------------
හුංගම දී ටිපර් - බස් ගැටේ
(සනත් ගමගේ)
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල ප්‍රදේශයේදී පෞද්ගලික බසයක් සහ වැලි ටිපරයක් ගැටීමෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.
බස් රථයේ ගමන් ගත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙවර්ගයම එලවන බහුතරයක් පෝන් කනේ මත්ද්‍රව්‍ය භාවිතා කරලා කන් පැලෙන්න සිංදු දාගෙන පාරවල් බදු අරං යන්නේ.නීතිය උන්ගේ මුදල් වලට නැමෙද්දී ස්වාභාවිකවම දඩුවම් ලැබිලා
ඔය සෙට් වෙලා තියෙන්නේ ගහට ගහක් මොරටුවේදී වගේ.. මේ දෙගොල්ලන්ම තමා මග මරුවෝ.. පාරේ යන්නේ බදු අරගෙන.. කෝ මේ ප්‍රවාහන ඇමති? කීවා නේද බස්වල කෑලි ගලවන්න කියලා.. පේනවද බස් එකේ සුදු යකඩ? ඔක්කෝම කයියෝ තමා... ජනධිපති තුමා කිව්වා රටේ පොඩි පොඩි ආණ්ඩු තියනවා කියලා.. ඒවා වෙන්න දෙන්න බෑ කිව්වා.. එතකොට මේ නීතිය සතේකට ගණන් ගන්නේ නැති බස් මොඩිෆයි පිස්සෝන් ගේ ආණ්ඩු? මේ රටේ මානසික ලෙඩ්ඩු ඉන්නේ බස් වල, ලොරි වල..මොකද ඔවුන් දන්නවා අනික් මිනිස්සු ඔවුන් දැක්කාම අයින් කරනවා කියලා.. ඒක නිසා පාර ඔවුන්ගේ රාජ්‍ය..