
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ගංවතුර සහ නායයෑම් වූ ප්‍රදේශවල සේවය කළ ශ්‍රමිකයන් 3,74,000ක රැකියාවලට බලපෑම් එල්ල වී ඇතැයි ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ඔවුන්ට නැවතත් ඔවුන්ගේ රැකියා ආරම්භ කිරීමට හෝ වෙනත් හොඳ ස්ථානයක රැකියාවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් එම පිරිසට මසකට අහිමි වන ආදායම ශ්‍රී ලංකා රුපියල් කෝටි 1480 ක් පමණ බවත් ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එලෙස රැකියා අවදානමට ලක්ව ඇති ශ්‍රමිකයන් අතරින් 2,44,000 ක් පිරිමි පුද්ගලයන් බවත් 1,30,000 ක් කාන්තාවන් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
රැකියා අවදානමට ලක්ව ඇති පිරිසෙන් 85,000 ක් කෘෂි කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරත වී ඇති බවත් තවත් 1,25,000 ක් කර්මාන්ත ආශ්‍රිත රැකියාවල නිරත වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම තවත් 164,000 ක් නිරත වී ඇත්තේ සේවා ආශ්‍රිත රැකියාවල බවද එම වාර්තාවේ සඳහන් වේ.
එම ශ්‍රමිකයන්ට සිය ජීවනෝපාය සහ ආදායම් අහිමිවීම ඔවුන්ගේ පවුල්වලටද බලපානු ඇති බවත් එය මග හරවා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට එම පවුල්වලට සිදුවනු වනු ඇති බවත් ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.
ඒ හේතුවෙන් එම පවුල් ළමයින් රැකියාවලට යොමු කිරීමට පවා බලපෑමට ලක්වූ පවුල් අවධානය යොමු කිරීමේ අවදානමක් මතුවිය හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ.
වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කෘෂි කර්මාන්තය සහ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවලට බවත් ඇතිවූ නායයෑම් සහ ගංවතුර තත්වයන්ගෙන් මෙරට කෘෂි කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවත් ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.
එසේම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති ගං වතුර සහ නායයෑම් තත්වයන්ගෙන් මෙරට තේ ඵලදාව සියයට 35 කින් පමණ අඩුවිය හැකි බවත් තේ ඵලදාවෙන් සියයට 70 කට වගකියන්නේ කුඩා තේ වතු හිමියන් බවත් එම වාර්තාවේ සඳහන් වේ.
කුඩා තේ වතු හිමියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන් දහස් ගණනකට මින් විශාල බලපෑමක් එල්ල වනු ඇති බවත් එම ශ්‍රමිකයන්ට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමක් බවත් ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. නිවාස අහිමි වූ ඔවුන්ට ජීවනෝපායද අහිමිවනු ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.
සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 ක් පමණ ප්‍රතිශතයක් අවදානමට ලක්ව ඇති බව ඇස්තමේන්තු කර ඇති බවත් එහි වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 160 ක් පමණ වන බවත් එම වාර්තාවේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළි කුණාටුවෙන් ලක්ෂ හතරකට රැකියා අහිමි වෙලා