(අංජුල මහික වීරරත්න)
පුරවැසියාගේ චින්තනය උසස් කිරීමකින් තොරව අප බලාපොරොත්තු වන රට ගොඩනැගීමට නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එය දේශපාලඥයාගේ කාර්යයක් පමණක් නොවන බව කී අමාත්‍යවරයා මෙරට ජීවත්වන පුරවැසියාගේ චින්තනය උසස් කිරීමේ කාර්ය සිදුකළ හැකි ඉහළම කණ්ඩායම විද්‍යුත් විකාශකයින් බව කීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය එක්ව සංවිධානය කළ විද්‍යුත් විකාශන සමුළුව 2025 (Broadcasting Symposium) සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
සමුළුව අද (25) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
මෙම විද්‍යුත් විකාශන සමුළුව සඳහා ක්ෂේත්රයේ වෘත්තිකයින්, මාධ්‍ය විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර මාධ්‍ය ක්ෂේත්රයේ වත්මන් අභියෝග, වගකීම්, සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ අනාගත අපේක්ෂාවන් ආදී කරුණු පිළිබඳ මෙම සමුළුවේ දී පුළුල් කතිකාවතක් සිදුවිය. විද්‍යුත් විකාශන සමුළුව සැසි 4 කින් සමන්විත එක්දින වැඩමුළුවක් වූ අතර ඉදිරි වසර 5 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටළු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබදව ද මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්විණි. දශක පහකට අධික කාලයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටුකළ සහ මෙම සමුළුව සඳහා විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගී වූ ශාන් වික්‍රමසිංහ මහතාට විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මගින් ගෞරව හරසර ප්රණාම මෙහි දී පුදකළ අතර ඒ වෙනුවෙන් ප්රණාම තිළිණයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ශාන් වික්‍රමසිංහ මහතාට මෙහි දී ප්රදානය කර ලදී.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
සුව ඇමති අතින් ශාන් ට සම්මානයක්