( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුට නඩුවක් නොදමා මුදාහැරීමට රුපියල් ලක්ෂ 20 ක අල්ලස් මුදලක් ඉල්ලා එම පුද්ගලයාව කන්කසන්තරේ වංකානේ සුරා බදු කාර්යාලය අසල නිවසක බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි සුරා බදු නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උතුරු පළාත් අපරාධ කොට්ඨාසය කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
එම සැකකරුවන් අතර සුරා බදු නියාමකවරයෙකු, සැරයන්වරයෙකු සහ සුරා බදු පරීක්ෂකවරයෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගන්නා විට සුරාබදු නියාමකවරයා සහ සුරාබදු සැරයන්වරයා නිල ඇඳුමෙන් සිට ඇතැයි පොලිසිය කියයිෙ
කන්කසන්තරේ ප්‍රධාන වීදිය මාදගල් ලිපිනයේ පදිංචි කාන්තාවකගේ සහෝදරයා පොලිස් මත්ද්‍රවය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන වංකානේ සුරා බදු කාර්යාලය අසල නිවසක රඳවාගෙන සිටින බවත් තම සහෝදරයා ට නඩුවක් නොදමා මුදා හැරීමට තමාගෙන් එම නිලධාරින් රුපියල් ලක්ෂ 20 ක අල්ලස් මුදලක් ඉල්ලන බව එම කාන්තාව විසින් උතුරු පළාත් අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම කාන්තාව එම නිවසට යවා රුපියල් ලක්ෂ20 ක් ලබා දී ඇයගේ සහෝදරයාව ඔවුන්ගේ ග්‍රහණයෙන්මුදාගෙන එම ස්ථානයෙන් පිටතට පැමිණීමේදී උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම ස්ථානයේ වටලා එහි සිටි නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සුරාබදු නිලධාරීන් තිදෙනකු අල්ලස් දැලේ පැටැලෙයි