IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සුරාබදු නිලධාරින් මෙහෙයුමක් මුවාවෙන් මුදල් කොල්ල කාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදිය රන් භාණ්ඩ අලෙවිසල් දෙකකින් රුපියල් දස කෝටි 20 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑ සුරා බදු නිලධාරින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරා බදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පස් දෙනෙකි.

එම සැකකරුවන් අතර සුරා බදු පරීක්ෂකවරයකු හා කෝප්‍රල්වරුන් හතර දෙනකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

එම වැටලීමේදී මෙම සැකකරුවන් විසින් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් ජුනි මස 5 වෙනි දින සැකකරුවන් පස්දෙනා එම එක් රන් භාණ්ඩ අලෙවි සැලක නීති විරෝධීව ආනයනය කර සඟවා ඇති දුම් වැටි තොගයක් අත්අඩංගුවට ගන්නා මුවාවෙන් වැටලීම සිදුකර එම සැකකරුවන් හත් දෙනා අත්අඩංගුවට ගෙන මුදල් ද කොල්ලකා තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

සුරාබදු නිලධාරින් මෙහෙයුමක් මුවාවෙන් මුදල් කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site