(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත මහත්මියගේ කාර්යාලයේ තිබූ ඇගේ ඡායාරූපයකට කිසියම් පුද්ගලයකු විසින් මල්මාලයක් පැළැදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ එහි විමර්ශන සිදුකර කරන බව පොලිසිය පවසයි.
මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණි කිසියම් පුද්ගලයකු විසින් ස්ථානාධිපතිවරිය නොමැති අවස්ථාවක ඇයගේ ඡායාරූපයකට සුදු පැහැති මල් මාලයක් දමා ගොස් තිබූ පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් වරුණි බෝගහවත්ත මහත්මිය චිකුන්ගුන්‍යා රෝගී තත්ත්වයක් මත මේවන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන අතර කිසියම් පුද්ගලයකු ස්ථානාධිපතිනිය බියගැන්වීම සදහා එම මල්මාලය ඡායාරූපයට දමා ගියේද නැතිනම් වෙනත් අරමුණකින් එය සිදුකළේද යන්න පිළිබදව පොලිසිය විමර්ශන සිදුකරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය මාතර මූලස්ථාන පොලිසියේ සිට ස්ථාන මාරුවක් ලබා මීට මාස කීපයකට පෙර මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරී කරනු ලැබුවාය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සී.අයි.වරුණිගේ ඡායාරුවට මල් දමක් පළඳවලා