(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්සවය සඳහා තමන් එළඹෙන 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් කෙටි වීඩියෝ පණිවුඩයක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.
තමන් කොළඹ නගරය අත්විඳ ගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවද රිතික් රෝෂන් තැබු කෙටි වීඩියෝ පණිවුඩයේ සඳහන් විය. සංවිධායකයන් ප්‍රකාශ කර සිටියේ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන රිතික් රෝෂන් පිළිගැනීමට සියලු කටයුතු සූදානම් බවයි. රිතික් රෝෂන් දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනයේ අත්දැකීම විඳ ගන්නා අයුරු දැක ගැනීමට මහත් නොඉවසිල්ලෙන් බලා සිටින බවද සංවිධායකයෝ ප්‍රකාශ කළහ.
මීට පෙර සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්සවය සඳහා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගිවීමට නියමිතව තිබුණත් පසුව ඔහුගේ පාලනයෙන් තොර නොවැලැක්විය හේතුවක් නිසාවෙන් විවෘත කිරීමේ උත්සවයට ඔහු සහභාගී නොවන බව සංවිධායකයෝ පැවැසුවේය.
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහය සහ මෙල්කෝ රිසොර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම එක්ව ගෙන එන සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවාඩු නිකේතනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් යටතේ ඉදිවූවකි. මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක්, නුවා සන්නාමය යටතේ එන සුඛෝපභෝගී හෝටලයක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් සහ ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක් මෙන්ම සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලුම දේ ඇතුළත්ය.
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනයද වේ. සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි කාමර හා නිවාස 800 ක් තිබෙන අතර ඉන් 687 ක් සිනමන් ලයිෆ් සන්නාමය යටතේද, 113 ක් සුඛෝපභෝගී කාමර ලෙස නුවා සන්නාමය යටතේද ක්‍රියාත්මක වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සිහින නගරය විවෘත කරන්න රිතික් දිවයිනට
fairoos Thursday, 24 July 2025 12:10 PM
රටේ සල්ලි නෑ කියන්නේ බොරු නේද?
අනේ සිරි! Thursday, 24 July 2025 01:11 PM
. ..රිතික් රෝෂන් දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනයේ අත්දැකීම විඳ ගන්නා අයුරු දැක ගැනීමට මහත් නොඉවසිල්ලෙන් බලා සිටින බවද සංවිධායකයෝ ප්‍රකාශ කළහ
Bunny Preena Thursday, 24 July 2025 01:15 PM
මම සිහින නගර දකින්නේ නින්දට ගියාට පස්සෙයි.