(නිමල කොඩිතුවක්කු)
මාලිමා පාලනය යටතේ සෑම අතකින්ම රට ව්‍යාකූල වී ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ඇත්තේ පීඩාකාරී රාජ්‍ය පාලනය පමණක් යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතාවගේ කර පිට පීඩනය අසහනය පැටවීම නිසා මේ මොහොත වන විට රටේ දුප්පත්කම 50% දක්වා වර්ධනය වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ මතුගම නගර සභා ශ්‍රවණාගාරයේ දි මතුගම ප්‍රදේශයේ ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය සඳහා වන ජන හමුවක් හා එක්වෙමිණි.
රට මුහුන පා ඇති බරපතලම ගැටලුව වන්නේ 2028 ණය ගෙවීම බවත් වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට නම් විදේශ සංචිත ඉහළ මට්මක පැවැතිය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.
මාලිමා රජයට ආර්ථිකය වර්ධනය කරන්නට හැකියාවක් පැහැදිලි වැඩපිළිවෙළක් කණ්ඩායමක් දැක්මක් නොමැති බවත් ආර්ථික සැලසුමක් නොමැති නිසා රට ඉබාගාතේ යන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෑම අතකින්ම රට ව්‍යාකූල වෙලා