IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


සැකකරුගේ ගංජා බිව්ව පොලිසියේ 5කගේ වැඩ තහනම්

(ගයාන් සූරියආරච්චි)

බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ගංජා සුරැට්ටු 3 ක් ලබාගෙන පානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ සැරයන්වරු තිදෙනකුගේ සහ කොස්තාපල්වරුන් දෙකක් ඇතුළු 5 දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

ගංජා ග්‍රෑම් 50 ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය විසින් ඉකුත් (8)  අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රදවා සිටි සැකකරු තදින්ම ගංජා පානයට ඇබ්බැහිවූවකු බවත් එම සැකකරුගේ සිර මැදිරිය තුළ ගංජා මිලිග්‍රෑම් 280 ක් සහ ලයිටරයක් සොයාගෙන තිබූ බවත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවැසීය.

එම විෂමාචාර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ වැඩතහම් කර තිබේ.

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (1)

සැකකරුගේ ගංජා බිව්ව පොලිසියේ 5කගේ වැඩ තහනම්

BITTER TRUTH Thursday, 09 May 2024 03:57 PM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහ GROUP භාවිතා කරමින්ද රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වනබව පෙන්වාදෙයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහ මිතුරන් දැනුවත් කරන්න.

:       4       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේ
2024 මැයි මස 20 44 0

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ප


යල් පැන්න නීති වලින් ’’උරුමයට’’ බාධා
2024 මැයි මස 20 67 1

දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


අතුරුදන්වු සිසුවියගේ සිරුර කොත්මලා ජලාශයේ
2024 මැයි මස 20 556 0

තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.


මන්ත්‍රී විස්සකට මැතිසබේ කෑම තිත්ත වෙලා
2024 මැයි මස 20 487 0

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.


නාන්න ගිය දෙදරු මවගේ සිරුර කුඹුක්කන් ඔයේ පාවෙයි
2024 මැයි මස 20 527 0

කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ බව සැකකෙරෙන දෙදරු මවකගේ මළසිරුරක් ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .


හොරණ වෙඩික්කරු කොට්ටාවේදී කොටුවෙයි
2024 මැයි මස 20 697 0

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 වැනිදා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 815 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2368 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2030 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site