(රන්ජන් කටුගම්පොළ)
‘ස්පා’ සම්බාහන ප‍්‍රතිකර්ම නීතිගත කරන පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ස්පා සම්බාහන හිමිිකරුවන්ගේ සංගමය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කරු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත‍්‍රලාභී ස්පා සම්බාහන අයිකරුකරුවන්ගෙන් සැදුම් ලත් සංගමයකි. ඔවුන්ගේ සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම්ලත් අයුර්වේද වෛද්‍යවරයකු මෙන්ම සුදුසුකම් ලත් තෙරපිවරියන් සහ තෙරපිවරුන්ද සිටින බව පෙත්සමේ සඳහන් කර ඇත.
කෙසේ නමුත් 2019 වසරින් පසු ස්පා සම්බාහන ආයතන සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම නවතා ඇති හේතුවෙන් පොලිසිය වරින්වර තම ආයතනවලට කඩාවැදී සේවා සැපයීමට බාධා කරනු ලබන බව ස`දහන් කරන පෙත්සම්කාර සංගමය මෙම ආයතන නියාමනය කිරීමට කෙටුම්පතක් සකස් කිරීමට යන බව දැනගන්නට ඇති හෙයින් අදාළ කෙටුම්පත කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්පා නීති ගත කරන්නැයි ඉල්ලයි