මහනුවර අනිවත්ත බිංගෙය අසළ පිවිසුමට විශාල ගල් පෙරළීමෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි පොලිසිය කියයි.
දොඩම්වල, අනිවත්ත, බහිරවකන්ද දෙවැනි රාජ සිංහ මාවත යන ගම්මාන වලට පිවිසිය හැකි මෙම බිංගෙය තුළින් ගමන් කිරීමට නොහැකි වීමෙන් රථ වාහනවලට කිලෝමිටර් දෙකක් පමණ දුරක් ගෙවා වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුව ඇතැයි කියති.
මහනුවර නගර සභාව මකන්දේ ඇති අවදානම් ගල් ඉවත් කරමින් සිටී. මෙම ස්ථානයේ ඇති අවදානම් ස්වභාවය සඳහන් කරමින් සිංහල භාෂාවෙන් පමණක් ඒ අසල දැන්වීමක් සවි කර ඇති අතර ඒ පිළිබඳ නොදැනුවත්කමින් විදේශීය සංචාරකයින් පැමිණ ඒ අවට රැඳී සිටීම අවදානම් සහගත බව ප්‍රදේශවාසීහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කොහොමද ටුවරිසම් දියුණු කරන්නේ, අප්‍රිකාවේ තද වනයකට ගියත් මිනිස්සු ඉංගිරිසි කතා කරනවා බෝඩ් ලෑලි ජාත්ත්‍යන්තර බසා වලිනුත් තියෙනවා, අපේ රටේ උසස් රජයේ නිලධාරීන්ට පවා ඉංගිරිසි කතාකරන්න බෑ. (ර)
ඒකනම් සහතික ඇත්ත කුමාර්, (ර)
ප්‍රසිද්ධ දැන්වීම් භාෂා තුනෙන්ම තිබීම අනිවාර්ය වියයුතුයි. (නි)
ඕක කඩන වැටෙනවා කියලා ඇස් පනාපිට තියෙන එකේ මොන බෝඩ් ලැලිද. ජපානේනම් ඉංග්‍රීසි භාවිතයක් ඇත්තෙම නැහැ. (ර)
කුමාර් ,මෙතැන යන අය බොහෝ දෙනා සිංහල දන්නවා විදේශිකයන් යන්නේ කලාතුරකින් යන්නේ බොහෝවිට ගයිඩලා සමග . (ර)
කුමාරගේ කතාවට මමත් එකඟයි. රටට විදෙස් සංචාරකයෝ එනවා නම්, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සංචාරකයින් ගෙන්වා ගැනීමට දැඩි වෙහෙසක් දරන බව පැහැදිලිව පෙනෙනවා නම්, සංචාරකයන්ගෙන් අපේ රටට හොඳ ආදායමක් ලැබෙනවා නම් ඇයි රටේ අනිත් අමාත්‍යංශ උදව් කරන්නේ නැත්තේ? (නි)
අනතුරක් ඇති බව පින්තුරයක් ඇඳලා දැම්මනම් භාෂාව ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙකුට තේරෙනවා. (ර)
කුමාර් කියන දේ හරි. ලංකාවේ බොහෝ රජයේ නිලධාරීන්ට ඉංග්‍රීසි කතාකරන්න බැහැ. (නි)
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඉංග්‍රීසි අවශ්‍යම නැහැ. ජර්මනිය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය වගේ රටවල ඉංග්‍රීසියෙන් කිසිම නාම පුවරුවක් දැන්වීමක් නැහැ. ඉංග්‍රීසි දන්න අයත් ඉන්නේ ඉතාම කලාතුරකින්. ඒත් සංචාරකයන් මේ රටවල පිරී ඉතිරීයන්න ඉන්නවා. ඒකට හේතුව ඒ රටවල සමාජයන්හි තිබෙන විධිමත්භාවය නීතගරුකභාවය හා සංචාරකයන් ගසාකෑමක් නැතිකම (නි)
උද්ධික, ජපානේ ඉංග්‍රීසි, බ්‍රසිල්, පේරු භාෂාව අවශ්‍ය තැන්වලට ඔවුන් භාවිතා කරනවා. අවුරුදු තුනහමරකට කලින් කරපු සමීක්ෂණයකදී මම ඉන්න ගෙදරට සිංහල පරිවර්තනයක් සමඟ අයදුම්පතක් එවා තිබුනා. කොහොම වුණත් රටේ පවතින භාෂා තුනෙන්ම දැනුම්දීම යුතුකමක් හා වගකීමක් (නි)
ලංකාවට එන්නේ ඉංග්‍රීසි කතාකරන සුද්දෝ විතරක් නොවෙයි. ජපන්, චීන, ඉන්දියන්, ජර්මන්, ප්‍රංශ... එකී නොකී සංචාරකයෝ එනවා. ඔය හැම භාෂාවකින්ම ලියලා තියන්න බැහැනේ. (නි)
දෙනෙත හොඳට පෙනේ නම්, බුද්ධිය තිබේ නම් මෙවැනි ස්ථාන ගැන දැනසිටීමට භාෂාව අත්‍යාවශ්‍යද? (නි)
මේක දකින ඕනෑ කෙනෙකුට පෙනෙනවා ගල් වැටෙන බව. (නි)
අපි සමහරු ඉංග්‍රීසියට තිබෙන්නේ පුදුම ගැතිකමක්. ඉතාලියේ ඉංග්‍රීසි පුවරුවක් දකින්න හරිම අමාරුයි. (නි)