(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සඳහා රජය මගින් වන්දි ලබාදීමේදී හානියට පත් නිවාසයක් වෙනුවෙන් කාන්තාවකට ලබා දුන් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක්. අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

රජය මගින් එම පැමිණිලිකාරිය වෙත වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා දී ඇති අතර  සැකකාර ආපදා සහන සේවන නිලධාරියා විසින් වන්දි මුදලින් කොමිස් වශයෙන් එකී මුදල ලබා ගැනීමේ චෝදනාව මත සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.