IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෙව්වන්දිට රට පනින්න උදව් කළ 5ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

සංවිධානාත්මක  අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට මෙරටින් පලායාමට උදව් උපකාර කළ පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඒ අතර ඇය රැඳී සිටි බව කියන කිලිනොච්චිය නිවසේ හිමිකරු , සැකකාරියට පලායාම සඳහා සංවිධානය කළ පුද්ගලයා මෙන්ම බෝට්ටුව සැපයූ පුද්ගලයාද වන බව පොලිසිය කියයි.

මේ වන විට ඉෂාරා සෙව්වන් දී නැමැත්තියට නවාතැන් පහසුකම් ලබාදීම මෙරටින් පලායාම  සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු නව දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් පෙබරවාරි මස 19 වෙනිදින  කනේ මුල්ල සංජීව නමැත්තා අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ඝාතනය කිරීමෙන් අනතුරුව දොඩංගොඩ සහ මිද්දෙණිය ප්‍රදේශවල රැඳී සිටි සැකකාරිය ඉකුත් මැයි 6 පළාත් පාලන මැතිවරණ දිනයේදී  යාපනය බලා පලා ගොස් තිබිණි.

 සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා  බෝට්ටුව සැපයූ පුද්ගලයා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දි ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ඉන්දියාවට පලායාමේදී  ඇයගේ සහායට තරුණයන් තිදෙනෙකුද බෝට්ටුව සැපයූ පුද්ගලයා යොදවා ඇතිවී ඇතැයි ද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

 

 

 



අදහස් (2)

සෙව්වන්දිට රට පනින්න උදව් කළ 5ක් අල්ලයි

Ppriyantha Dissanayake Tuesday, 21 October 2025 09:10 PM

ඒ කියන්නේ බෝට්ටුවත් දීලා, සහයට තව තිදෙනෙකුත් දීලා ලක්ෂ 25කුත් දීලා. කාටද දන්නැහැ දුන්නේ. සෙව්වන්දිට වෙන්න ඕන. මත්ද්‍රව්‍ය මිශ්‍ර්‍ර අහිංසක සතුන්ගේ ගති ලක්ෂණ .

:       0       1

අරවින්ද මොණරවිල Wednesday, 22 October 2025 10:46 AM

නෑමොලයා ඉක්මනින් අත්අඩංගුවට ගන්න, ඒකා තමයි පාතලයේ ගෝඩ් ෆාදර් හෙවත් මහ මොළකරු !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site