IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සරසවි ඇදුරෝ 66ක් කෝටි 15ක් පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 66 දෙනෙකු  කෝටි පහළොවකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අතර ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා එක්සත් රාජධානියට  යෑමට  ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකයේ කතිකාචාර්යවරයකුට එක්කෝටි හතළිස් දෙලක්ෂයකට වැඩි බැඳුම්කරයක් අත්සන් කර අධ්‍යයන නිවාඩු ලබා දී තිබුණද නිවාඩු ගණනය කිරීමේ දෝෂයක් හේතුවෙන් ඔහු මෙරටට නැවත කැඳවා තිබූ බවත් ඒ වෙනුවෙන් විශ්ව විද්‍යාලය රුපියල් ලක්ෂ තිස් හයකට වැඩි  අමතර මුදලක් ගෙවා තිබුණද වගකිවයුතු නිලධාරියාට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව  එහි දැක්වේ.

මේ අතර උද්භිද විද්‍යා  අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරියකගේ වැටුපට  රුපියල් ලක්ෂ තිස් හයකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයිද ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කථිකාචාර්යවරිය 2020 අගෝස්තු 29 වැනිදා ඉල්ලා  අස්වී ඇතත්  ඇය  සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ යොදවා ඇති බවත් එසේ නැවත සේවයේ යෙදවීමේදී ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට පටහැනිව වැටුප්  පියවර 91310ක මූලික වැටුප වෙනුවට රුපියල් 119520ක වැටුප් තලයක තැබීමෙන් මෙම අක්‍රමිකතාව සිදුව ඇති බව වාර්තාවේ දැක්වේ.

මේ අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන, අධ්‍යයන සහාය කාර්ය මණ්ඩල  සහ පරිපාලන තනතුරුවල අනුමත සේවකයන් එකසිය තිස් හයක් පුරප්පාඩුව  පැවතුණ බවත් මෙම තත්වය සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි ලෙස බලපෑවද විශ්ව විද්‍යාලය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.



අදහස් (0)

සරසවි ඇදුරෝ 66ක් කෝටි 15ක් පොලු තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 882 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site