(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේශ් සලේ මහතා  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  දින 90 ක කාලයකට රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර්  මහතා පැවසිය

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෑලියගොඩ දී රාජ්‍ය  බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙනතිබුණි.

2019 වසරේ අප්‍රේල් මස 21  වෙනිදින  පාස්කු ඉරිදින ප්‍රහාරයේ සාරාන් අශීන් ප්‍රමුඛ මිලේජ් අන්තවාදීන් කණ්ඩායමක් මෙරට ස්ථාන අටක දී සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාර 10 කදි  පුද්ගලයෝ 273 දෙනෙක් මිය ගියහ.

එම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණු අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේ ද විමර්ශන සිදුකෙරිණි

එකී සියලු විමර්ශනවලින් අනාවරණ වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුපර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 25දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.