ගංජා විකුණන බව කියන පුද්ගලයකුගෙන් පිළියන්දල විශ්වකලා හංදියේදී රුපියල් දස දහසක කප්පමක් ගත්තැයි කියන සුරා බදු නියාමකයෙක් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ සුරාබදු ලොක්කකුට එම අල්ලස දුන්නොත් ඔහුට ගංජා වෙළඳාම කරගෙන යා හැකි බව කියමින් ඔහුට තර්ජනය කර ඇති බවත්, ඒ අනුව මුද්දක් උගස් තියා මුදල් ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොය්යෝ .ඇන ගත්තද? දැක්කද මිටිය නඩුකාර හාමුදුරුවෝ අතේ.(නදී)
අනේ මන්දා රටකට ගිය කලක්! (නි)
මුද්දක් උකස් තියා සල්ලි ගැනීම කුමන නීතිය යටතේද වරදක් වන්නේ? අත්අඩංගුවට ගතයුත්තේ අල්ලස් දීමේදී මිස ඒසඳහා මුදල් බැංකුවකින් ගන්නා අවස්ථාවේදී නොවෙයි නේද? (නි)
මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි උනාම මෙහෙම දේවල් කරනවා.(නදී)
ඉස්සර රජයේ ආයතන වල දැන්වීමක් තිබුනා මතකයි අල්ලස් දීමත්, ගැනීමත් බරපතල වරදක් කියා. එම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට අල්ලස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් දෙපාර්ශවයටම කරන සාධාරණ දඬුවමක්. එක් අයෙකු අමාරුවේ නොදමා. (නි)
උරුමක්කාරයෝ රටකරනවා. බල පුලුවන්කාරයෝ නරක වැඩ කරලා සල්ලි හොයලා සැප විදිනවා. කරුමක්කාරයෝ දුක් විදිනවා. පුදුම රටක් මේක (නි)
මම හිතුවෙ ඇණ වර්ගයක් කඩෙන් අරගෙන කියලා (නි)
ඔය සුරාබදු නියාමකලා අසරණ මිනිහෙක් දුප්පත්කම නිසා මොනවහරි කරන්න ගියොත්, ඒකටත් ඉඩනොදී, මේ වල පගා ගන්නවා. (නි)
කෝටි ගණන් ගහන රටේ දහදාහ මොකක්ද ? (නි)