(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අනීතික ලෙස සමූපකාර නමින් ස්ථාපිත කර ඇති මූල්‍ය ආයතන ගැන පියවර ගන්නා බව වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ග්‍රාමීය බැංකු වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට රජය අවධානය යොමු කර තිබෙනවා.
සමූපකාර ග්‍රාමීය බැංකු ණය දෙන සමිති හාරදාස් ගණනක් තිබෙනවා. මේවා එකිනෙකට වෙනස්. තැන්පතු බාර ගැනීම සඳහා සමූපකාර පනතේ තිබෙන වගන්තියක් භාවිත කරමින් තැන්පතු එකතු කිරීම් කරනවා.ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයක් නැතුව ලංකා බැංකුවටවත් ශාඛාවක් පිහිටුවන්න බෑ
.සමූපකාර නමට මුවාවී මේ කටයුතු කරනවා.පුද්ගලයන්ට තැන්පතු බාරගන්න සමිති හදන්න බෑ.ව්‍යාපාරික වුවමනා සඳහා සමූපකාර නම අවභාවිතා කරනවා නම් අප ඊටත් පියවර ගන්නවා.මේවා සුද්ද කරලා ජනතාවට වඩා හොඳ ග්‍රාමීය බැංකු පද්ධතියක් අප නිර්මාණය කරනවා යැයි අමාත්‍යවරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සමූපකාර නමින් ඇරැඹූ හොර ආයතන වලට වැඩ වරදින හැඩ