(අංජුල මහික වීරරත්න)
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සහාපති ලෙස මහචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පත් කර තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා විසින් අදාළ පත්වීම් ලිපිය අද (22) ප්‍රදානය කිරීම පරිසර අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහචාර්යවරිය ලෙස සේවය කරනු ලබන සෙව්වන්දි මහත්මිය ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියත් (BSc Hons in Zoology), ඉන්දියාවේ WII ආයතනයෙන් වනජීවී සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් (PhD in Zoology) ලබා ඇත.
ඇගේ පර්යේෂණ වෙරළබඩ පරිසර පද්ධති, මානව ක්‍රියාකාරකම් වල බලපෑම්, ප්‍රතිපත්ති හා පාලනය සහ වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ සුවිශේෂී වනු ඇත.
ඇය ශ්‍රී ලංකාවේ ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපතිවරිය ලෙසත්, ජාතික පරිසර සභාවේ හා ජාතික නිල් කාබන් කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරනු ලබයි.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සභාපති සෙව්වන්දි ජයකොඩි
Asanga Friday, 22 August 2025 02:20 PM
කැළණියට හෝයියා...