IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර) 

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය.

ඊට අවශ්‍ය   සියලුම පහසුකම් සැපයීමට තම සංගමය සුදානම් බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය.

ඒ බව දන්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් වෙත ලිපියවා තිබෙන බවද එම සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා ප්‍රකාශ කළේය.

විවාදය මගින් ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට තමන් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන්ට මහජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙන බව නීති ශිෂ්‍ය සංගමය සභාපතිවරයා පැවැසුවේය.

 



අදහස් (11)

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

abeygunasekarasampath95 Tuesday, 23 April 2024 09:39 PM

කයිය ගගහා ඉමු

:       3       10

Hetti Tuesday, 23 April 2024 10:39 PM

ඉතාමත් හොඳ අදහසක්. එක, එක පක්‍ය වලට කඩේ යන මාධ්‍ය ආයතන වලට වඩා ස්වාඨින ආයතනයක් හොඳයි.

:       0       24

Muthu Tuesday, 23 April 2024 11:24 PM

මේ යෝජනාව ඉතාම හොඳයි. අපි හැමදාම දැකපු කුණු වූ ඕජස් ගලන දේශපාලන හිස් වලං පොලවේ ගහන විවාද වලින් රටට සෙතක් නෑ. වුර්තිකයෝ විවාදය මෙහෙය වියයුතුයි. නැත්නම් දේශපාලන ඉත්තෝ ජනතා අභිලාශ කා දමනවා. තව විවාද බජවුවක් අපි ඉදිරියේ නටලා.

:       0       18

විජිත් Tuesday, 23 April 2024 11:41 PM

ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       18       15

Chinthana Tuesday, 23 April 2024 11:45 PM

වාදය සංවිධානය කරන අය සජිත්ට වැසිකිළි පහසුකම් සපයන්නත් සුදානම් විය යුතුයි.

:       14       15

රාලහාමි Tuesday, 23 April 2024 11:52 PM

පසුගිය චන්දෙන් පැරදුනාම පුතානොට හුස්මගන්න අමාරුවෙලා පුද්ගලික රෝහලකින් රහසිගතව බෙහෙත්ගත්තා ,ඊට පසුවෙනිදාම යාල කැලේට පැනලා සැඟවුනා. ගෝල බාලයෝ ගුටි කෑවා. විවාදය වෙලාවෙත් මිනිහාට හුස්ම ගන්න අපහසුවුනොත් ...කොයි එකටත් හොඳයි ඇම්බියුලන්ස් එකක් විවාදය තියෙන හෝල් එක අසලම නවත්වලා තියන්න.

:       14       15

videv nugawela Wednesday, 24 April 2024 01:10 AM

මරි මෝඩ ලැවරියා දාස.මෙයා නොමෙරූ ළදරුවෙක්. සජිත් වගේම සජිත්ට සහාය දෙන අයත් මොළය නොමෙරූ අය වලුන් බව පෙනෙනවා.1980 ට කලින් ඉපදිච්ච උන් ඉන්නකන් මේ රට ගොඩගන්න බෑ. මුන් ඔක්කොම අල්ලලා පිටුවහල් කරන්න ඕනා.

:       17       10

Perera Wednesday, 24 April 2024 04:45 AM

සජ්ජව මේ විදිහට අමාරුවේ දාන්න එපා බොලව් .මිනිහා පාර්ලිමේන්තුවේ කෑ ගැහුවට ජීවිතේට කිසිම ප්‍රසිද්ධ විවාදයකට සහභාගී නොවුන පොරක් නේ .තේරුම් ගනිල්ලකෝ

:       10       14

සුරංග Wednesday, 24 April 2024 06:11 AM

කයිවාරු ගැහුවා වගේ නොවෙයි දැන් නම් මගහරින්න දෙගොල්ලටම බැහැ උගතුන් බුද්ධිමතුන් සමග සිසුන්ගේ ප්‍රශ්න වලටත් පිළිගන්න පුළුවන් උත්තර දෙන්න වේවි .රූපවාහිනී මගින් සජීවිව විකාශය කරනවා නම් ඉතාමත් හොදයි

:       1       18

darmapala Wednesday, 24 April 2024 06:18 AM

අනුර ටිකක් ශේප් එකේ හිටපන් මූ කියෝන ඉන්ගිරිස් වලට චාර්ල්ස් ටත් කලිසමේ හුජ්ජ ගියාලු

:       6       15

කරුණාරත්න Wednesday, 24 April 2024 09:03 AM

IMF ගිවිසුම අවලංගු නෙවෙයි වෙනස් කරනව සහ තවත් ඡන්ද ගන්න සහන දීම ඇතුලු ආර්ථික වර්ධන පරණ කථා තමයි මේ විවාදය. ඩීසල්, පෙට්‍රල්, ගෑස්, පොහොර යනාදි අත්‍යාවශ්‍ය දේවල් ගන්න විදේශ මුදල් නැතිව රුපියල මස්ත බාල්දු වෙච්ච කාලේ ආර්ථිකය හදන කිසිම විවාදයක් නැහැ. ඒ් දවස්වලආර්ථිකය හදන විවාද, IMF තියෙනවද, කෙහොමද, කොහොන්ද උදව් ගන්නේ. ණය දුන්න අනිත් රටවල් නිසා ණය සහන දෙන්න බැහැ කියල චීනය කියනකොට ඒ්වට උත්තර හෙව්වද? පෝලිම් වල රණ්ඩු කළා. විවාදයේදී මේවා මතක් කරන්න.

:       3       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 429 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 141 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 628 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 236 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 629 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 330 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1903 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1688 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site