
(අංජුල මහික වීරරත්න)
පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව පළාත් සභාවට තරඟ කරන්නට සූදානම් බව කී විපක්ෂ නායකවරයා කැපකිරීම්,පරිත්‍යාග කර පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කරවන්නට සමගි ජන බලවේගය සූදානම් බව කීය.
2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට සහ එක් ජනාධිපතිවරණයකටත් පළාත් පාලන මැතිවරණයකටත් තරඟ කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයට පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 1773ක් සිටින බවත් විපක්ෂ නායකවරයා කීය.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවට සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අබිලිං එජාපෙ කඩාගෙන ඇවිත් මොන ලබ්බක්ද ඔයි ඔහෙලා achieve කලේ . මෝඩ කමයි උද්දච්ඡ කමයි ඔහේගේ ඇඟ පුරාම. නැත්නම් ඔහේ අද අගමැති. ඊළඟ පාර ජනපති.
රට නැත්තනටම නැති කරලා දැන් ද කැපවීම් කරන්නේ. උඹලා ඕව්වා ගෙදරදි කියපන්. මිනිසුන්ට කියන්නේ නැතිව. රට ගැන ජනතාව ගැන හිතන්නේ. මේ ආණ්ඩුව විතරයි. මේ අල්ලපු කුඩුකාරයෝ පාතාලයේ කට්ටිය උඹලා හිටියා නම් අල්ලපු පොලිස් නිලදාරියව ගෙදර අරිනවා. උඹලා නැවත පුට්ටු වෙන්නේ එකට එකතු වෙලා. ඔය කට්ටිය නිදහස් කරන්න. ඕනම ජරා වැඩක් කරන්න. මිනිසුන්ට ඉඩ දෙන්න. මොකද උඹලට පගා කන්න අනිත් හොර වැඩ. කරන්න ලේසි නිසා. ඔය කැපකිරිම් කරන කට්ටිය අතුගාලාම දායි. වත්තෙ පිටියෙ වැඩක් කරන් ඉන්න. උඹලට මේ රට නැවත ලැබෙන්නේ නැහැ.
බලන්න ඔය කියන එකෙක්වත් අස්වෙන්නේ නෑ. දන්නවා අත්වෙන ඉරණම
මුජිබර් නම් ආයේ යන්නේ නැහැ.
උඹලට ඡන්දෙ දෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ බං
ළාමක ටින් ටින්ගේ කැපකිරීම් සහ පරිත්‍යාග ගැන මොනවට කියනවද? අනේ මගේ කට. පොළොන්නරුවේ හාල් මෝල් කාරයාගෙන් ඇහැව්වොත් තවත් කියාවි ?
පලාත් පාලන ඡන්දයේදී මුජිබර් වෙච්චි සන්තෑසියම ඔය ඉල්ලා අස්වෙන හාදයින්ටද සිද්ධ වෙයි, අන්තිමට මහ ඇමැතිකමත් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් නැහැ.
ඔබතුමාට පිස්සුද? පළාත්සභා ඡන්දේ කියන්නේ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ වගේ අත්‍යවශ්‍ය ඡන්ද නොවේ... ආණ්ඩුවක් පළාත්සභා මැතිවරණ තියන්නේ ආණ්ඩුවට වසිදායක මොහොතක... ආණ්ඩුවට 20% ඡන්ද ගන්න බැරි මේ අවස්ථාවේ මොලේ තිබෙන ආණ්ඩුවක් ඡන්දේ තියනවාද?