IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


සජබ අපේක්ෂකට වෙඩිතැබූ සිද්ධියට තිදෙනෙකු අල්ලයි

(සුමිත් පොතුපිටිය )

කලුතර මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් තරග කළ බන්දුල ප්‍රසන්ත  යන අයට වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය , යතුරුපැදි තුනක් සහ ජංගම දුරකථන තුනක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  බව පොලිසිය කීය.

ඉකුත් මැයි 4 දින රාත්‍රී කලුතර නාගොඩ ප්‍රදේශයේ පිහිහි මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න යන අයගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකි පැමිණි දෙදෙනකු  වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර පලාගොස් තිබූ අතර, එහිදී ඔහුගේ දකුණු උරහිසට ප්‍රහාරය එල්ලවී තිබුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්ණ කිරීමෙන් පසු වෙඩිතැබීමට යොදාගත් විදෙස් රටක නිශ්පාදිත රිවොල්වරය, එදින පැමිණි යතුරුපැදිය, ඔවුන් විසින් සොරකම් කළ තවත් යතුරුපැදි දෙකක් , පූර්ණ  මුහුණු ආවරණය කළ හෙල්මට් සහ  ජංගම දුරකථන තුනක්ද සොයාගෙන තිබේ.

 



අදහස් (1)

සජබ අපේක්ෂකට වෙඩිතැබූ සිද්ධියට තිදෙනෙකු අල්ලයි

ළිඳ ලඟ රේඛා Thursday, 22 May 2025 08:55 AM

ඇයි අනේ වෙඩිතියල තියෙන්නේ? දන්න කෙනෙක් කියන්නකෝ. මදැයි පත්තරේ බැලුව.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 425 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 209 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1919 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site