
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාරගත් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
කොළඹදී අද පැවති සමග ජන බලවේගයේ නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නියෝජිතයන්ට මේ බව දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරන සියලු කටයුතු සිදුවනු ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවනු ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු ඔක්කොම දැන් එක මිටට. මීළඟ මැතිවරණයෙන් ඇතුලේ ඉන්න එවුන් ටිකත් සෙට්ට පෝච්චි කරලාම තමයි නතරවෙන්න ඕන
මේ ගොබ්බයින්කොහොමද රටක් පාලනය කරන්නේ පේනවානේ සේරම ගොබ්බයෝ ටිකකරලා තියෙන හරියක් රටට... රටේ දියුණුවක් නැහැ පාතාලෙයි කුඩුයි තමයි මුන්... සංවර්ධනය කරලා තියෙන්නේ අවුරුදු ගාණක්. ගොබ්බයෝ එකෙක්ටවත් මොලයක් තිබුනද මේ අල්කන කුඩු පරමාණයෙන්. දශමයක් හරි අල්ලා ගන්න. මොවුන් කෙරුවේ... පාතාලයේ එකා කෝල් කරද්දි එන කුඩු ප්‍රමාණය අනුව කප්පම් ගත්තු එක. දැන් ලාමක ටින්ටින්. සහ නාමල් බේබිට පුදුම කැසිල්ලක් තියෙන්නෙ රටේ ජනතාව ගැන බුදු පිලිමගැන. රට බේරාගන්න ඕනෑලු. රට බේරාගන්න ඕන මුන් වගේ ගොබ්බයින්ගෙන් නූගත් නිසා තේරුම් කරලා දෙන්න අමාරුයි. නූගත් මෝඩයින්ට කොහොමද රටක් බාර දෙන්නේ...? මොවුන් කරලා තියෙන අපරාධ වලට නුගත් බේබිලා ඉන්න ඕන හිරගෙදර මිසක්. පාර්ලිමෙන්තුවේ නෙවෙයි.
තවත් ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් වගේ. චන්ද 3 කදී එකතු වෙන්න බෑ කිව්ව හාදයා නුගේගොඩ රැස්වීම දැක්කා විතරයි එකතු වෙන්න දඟලන්නේ ආන්ඩුවේ ඉහලින් ආපු උපදෙසක් නිසා වෙන්න ඇති. මෙයා ජනතාවගේ විපක්ෂ නායක නෙවෙයි ආණ්ඩුවේ විපක්ෂ නායක බව රටම දන්නවා. නුගේගොඩ රැස්වීම දැකලා වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ ආණ්ඩුව. විපක්ෂය එකතු උනොත් ආණ්ඩුව ඉවර බව ආණ්ඩුව දන්නවා. ඉතින් මෙයා වගේ තමුන්ගේ සුවච කීකරු ඉත්තන්ව පාවිච්චි කරනවා ඒ සමගිය කඩන්න.
නායකයාව තෝරාගන්න ගියාම දීගය හබක්, මෙයාටයි රනිල්ටයි තියෙන්නේ රට හදනවාට වඩා කවුද නායකත්වය ගන්නේ කියන කරුණ, මේ තමයි ඔවුන් දෙදෙනාගේම ස්තාවරය. මේ කරුණ නිසාම මේ අයට ඉදිරියට එන්න අමාරුයි. ජනතාවත් මේ කරුණ හොදට දන්නවා. ජා ජ බ වේගය සාර්ථක ඒ අයගේ මූලික චේතනාව රට ගොඩ නැගීම, යම් දෙයක් ප්‍රකාශ කළවිට එය පක්ෂයේ ස්ථාවරය, නැතිව එක් එක් අයගෙ පෞද්ගලික මතය නොවෙයි. බලන්න මැතකදී වතු සේවකයින්ට පඩි වැඩිකළවිට එයට එරෙහිව කවිරත්න ප්‍රකාශ නිකුත් කළා. අල්ලස් කොමිසමට ගියා. වතු කම්කරුවෝ එයට එරෙහිව පොල් ගැහුවාම, පක්ෂය කියනවා. එය කවිරත්නගේ පෞද්ගලික මතය කියලා. මොනවාද මේ හතර බිරි කතා, මේ අය බලයට ආවොත් අර පරණ ක්‍රමේමයි, ඒ අය සැප ගනියි, ජනතාව හාන්සියි.
මෙයාට සජබෙම ඉන්න කියන්න. එදා හිටපු හිටපු එජාප පාක්ෂිකයන් විතරක් එජාපෙට ගන්න. එතකොට මෙයාගේ උද්දචකම්ටයි මෝඩ කමටයි නියම බෙහෙත ලැබේවි.
ඊළගට මස් රාත්තලම ඉල්ලයි කියලා ප්‍රවුත්තිය යයි .
හර්ෂට දුන්නොත් පක්ෂය රැකේවි, නැත්නම් විපක්ෂයත් නැතිවෙයි!
ළාමක ටින් ටින්ට කරන්න පුලුවන් දෙයක් නැහැ. එ.ජා.ප.එක්ක සෙට් වෙලා ගොඩ යන්ඩ වගේ හදන්නේ?