IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සංවර්ධනය රටේ හැම තැනටම ගෙන යනවා

(අංජුල මහික වීරරත්න)

රජයේ සංවර්ධන දැක්ම තිරසාරත්වය සහ මානව ගරුත්වය මුල් කරගත්තක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

සෑම ප්‍රජාවකගේම ජීවන තත්ත්වය නඟා සිටුවීම වගේම සංවර්ධනය රටේ සෑම තැනකටම ළඟා වන බව සහතික කිරීම රජයේ අරමුණ වන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින හවුල්කාරිත්වයේ 70 වසර සනිටුහන් කරමින් "Our UN " යන ගෝලීය තේමාවෙන් කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති 2025 එක්සත් ජාතීන්ගේ දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

"එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, සාමය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ තිරසාර සංවර්ධනය යන පොදු මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා රජය කැපවී කටයුතු කරනවා. විශේෂයෙන් ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත සිදු වන බහුපාර්ශ්වික සහයෝගීතාවය ඉතා වැදගත් යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (2)

සංවර්ධනය රටේ හැම තැනටම ගෙන යනවා

Gihan Friday, 24 October 2025 01:10 PM

කටින් බතල රටේ හැමතැනම හිටවනවා.

:       2       5

සඳමාලි Friday, 24 October 2025 03:39 PM

ඔව්, ඊයේ පෙරේදා වැලිගමදි රටටම පෙන්නුවේ මාලිමාව යටතේ මොන පැත්තෙන් රට සංවර්ධනය වෙන්නේ කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1342 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1255 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site