IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි

(ආරියරත්න රණබාහු )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙවැනි අර්බුද මීට පෙරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන බව පැවසූ හිටපු ලේකම්වරයා පක්ෂයේ බලය අල්ලා ගැනීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරින් සභාපතිවරයා හරහා තමා ලේකම් ධුරයෙන් ඉවත් කළ බවද කීය.

ලේකම් ධුරයෙන් ඉවත් යන විට ඊළඟට පහර දෙන්නේ ඔබතුමාට යැයි තමා එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවසූ බව සිහිපත් කළ ජයසේකර මහතා මේ වන විට එය සත්‍යයක් වී ඇතැයිද පැවසීය .

දැනට වාරණයට ලක් කර සිටින සභාපතිවරයාට එරෙහිව ඇති නඩුවේ තුන්වෙනි වග උත්තරකරුවන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතා යැයි පැවසු හිටපු ලේකම්වරයා හොර දේශපාලන මණ්ඩලයක්  ඔහු පක්ෂයේ සභාපති ධුරයට පත් කර ගෙනඇතැයි ද කීය.

මේ ඉතාම කූට ලෙස සැකසූ උපක්‍රමයක් බව පැවසූ ජයසේකර මහතා මෙම කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීම යැයිද අවධාරණය කළේය.

 



අදහස් (7)

ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි

nimal Thursday, 18 April 2024 10:01 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් මතුව තිබෙනාවූ අර්බුද වලට වගකිව යුත්තු වන්නේද ඔබ සියලු දෙනාම වේ.

:       0       3

මධුරංගFriday, 19 April 2024 01:49 PM

පක්ෂයේ නිර්මාතෘ පක්ෂය හැදුවේ රටේ ජනකොටස් බේධ කරමින් කියලා තේරෙනවා නේද? ඒක පූර්වාදර්ශයක් හැටියට පක්ෂයේ බේද භින්න වීම වෙනවා.. ඒක නොවුණොත් පක්ෂයේ දැක්ම නොසලකා හැරීමක් හැටියට සලකන්න පුළුවන්...!

:       0       4

Anuruddha Friday, 19 April 2024 06:10 AM

ඔය කියන පක්ෂය හදපු නිසා තමයි අවුරුදු තිහක යුද්ධයෙන් රටේ සංවර්ධනය අඩාල වුණේ. ජාතීන් අතර අසමගිය ඇතිවුණේ ආර්ථිකය කඩාවැටීම වුනේ ඔය පක්ෂයේ ප්‍රතිපත්ති නිසා තමයි. ඉතින් එහෙම පක්ෂයක් තිබිලා මොකටද?

:       0       9

Aravinda Monarawila Friday, 19 April 2024 08:36 AM

මෙයත් හූනා වගේ... අනුන්ට සාස්තර කියනවා. තමන්ට වෙන්නේ මොනවද කියලාවත් දැනගෙන හිටියේ නැහැ.

:       0       5

විදුර Friday, 19 April 2024 03:12 PM

වැඩ බැරි තොපිට වෙන හරිය ලගදීම බලාගන්න පුළුවන්.

:       0       3

de silva Friday, 19 April 2024 03:46 PM

ඔය පක්ෂේ නිර්මාර්තෘ බලය ලබාගැනීම සදහා සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගනිම නිසා ජාතින් භේද භින්න වී 30 වසරක යුධයක් ඇතිවී විශාල දේපල සහ ජිවිත විනාශ වීමක් සිදුවුණා , රටේ ග්‍රාමීය ප්‍රදේශවල ජිවත්වන සිසුන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අවහිර වුණ නිසා ඔවුන්ගේ දැනුමට නිසි ආගමක් නොලැබීම නිසා ඔවුන්ට විශාල ආර්ථික සාමාජික පාඩු වලට මුහුණ දෙන්න සිදු වුණ. ඔහුගේ භාර්යාව රට පාලනය කරපු කාලයේ හාල් පොලු මිරිස් පොලු දමා ජනතාව බඩගින්නේ තැබුවා , ඕක චුත වුන තරමට රට්ටට යහපත් .

:       1       5

ගමේ එකාලා Saturday, 20 April 2024 04:31 PM

යූඇන්පී යේ හිටපු කාලේ, මහින්දගේ වැරැදි කියලා අන්තිමට සාටකේ එල්ලුනා. මෛත්‍රීට ගොට්ට ඇල්ලුවා. තමන්ට අන්තිමට වෙන දේ ගැනත් අපිට හූනා කියන්නා වගේ කියන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 118 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 340 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 570 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 780 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1446 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1131 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1841 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1651 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site