
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තේරී පත්විය.
කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ ලේකම් ලෙස කෝට්ටේ ආසන සංවිධායක, කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රනවක මහතා ද භාණ්ඩාගාරික ලෙස හෝමාගම සංවිධායක ඉසුරු අබේවර්ධන මහතා ද තේරීපත්වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධානය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කිරීම එම පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පසුගිය ඉරිදා පැවැත්විණි.
එහිදී උප ලේකම්වරු ලෙස මොරටුව ආසනය සංවිධායක සුජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන සංවිධායක සමන් වෙරළුපිටිය යන මහත්වරු පත්වූහ.
කාරක සභිකයන් ලෙස රොෂාන් කොළඹගේ, තුෂාර සංජීව, මහින්ද බණ්ඩාර, අනුර අතුකෝරාල, දීපා එදිරිසිංහ සහ කුමාරී පතිරිගේ යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ. සමස්ත රටම ආවරණය වන පරිදි සියලුම දිස්ත්‍රික් බල මණ්ඩලය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1513
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්‍රීලනිප කොළඹ සභාපති ධූරයට ෆයිසර් මුස්තාපා
Dasun Monday, 27 October 2025 04:19 PM
මෙයා එජාප ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුත් ඉන්නවා නේද? කවදා රැවටෙන්නේ. නීතීඥ වෘත්තියෙනුත් නෙරපා හැරිය යුතුයි...