(මනෝප්‍රිය ගුණසේකර )
සෞඛ්‍ය අමාත්‍යාංශයට සම සෞඛ්‍ය උපාධිධාරින් අතරින් වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞතික චිකිත්සකයන් බඳවා ගැනීමට නියමිතව පත්වීම් ලබා දීමේ තීරණය නවතාලමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය ජූනි මස 11 වැනි දින දක්වා බල පැවැත්වේ.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සම සෞඛ්‍ය උපාධිධාරීන් 270 දෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.
අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති ලෆාර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
සම සෞඛ්‍ය උපාධිධාරී විමුක්ති චන්දුල මහතා ඇතුළු 270 දෙනෙකු විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේ සඳහන් වේ.
පෙත්සම්කරුවෝ සියලු දෙනාම සම සෞඛ්‍ය උපාධිධාරීහු වෙති.
පසුගිය අප්‍රේල් මස 27 වැනි දින 23 89 දරණ ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයන් සම සෞඛ්‍ය උපාධිධාරීන් අතරින් තරඟ විභාගයක් තුළින් බදවා ගන්නා බවට ප්‍රසිද්ධ කෙරිණි. පෙත්සම්කරුවෝද ඊට අයදුම් කළහ.
එහෙත් එම කැසට් නිවේදනයේ 6 වෙනි ඡේදයේ සදහන් කරුණු විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ සම සෞඛ්‍ය උපාධිධාරින් බදවා ගැනීම කුසලතා පදනම මත සිදුවන බවත් ඒ මගින් පෙත්සම්කරුවන් ට ඉමහත් අසාධාරණයක් සහ අගතියක් සිදුවන බවත් ය.
ඊට හේතු වන්නේ පෙත්සම්කරුවන්ගේ උපාධි ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීමය. එබැවින් මෙම තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබාදීම අසාධාරණ අයුක්ති සහගත බවද ඔවුහු කියා සිටීති.
එබැවින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , පත්වීම් ලබාදීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙස්සමෙන් ඉල්ලා ඇත. නීතිඥ රම්සි බාචා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ රජීව අමරසූරිය මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
වෛද්‍ය කාර්මික- භෞත චිකිත්සක බඳවා ගැනීම නවත්වයි
අරවින්ද මොණරවිල Wednesday, 28 May 2025 09:09 AM
උපාධිධාරීන් අතරින් නම් බදවා ගන්නේ, පුරප්පාඩු වලට වැඩිය අයදුම්පත් ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒ සදහා තරග විභාගයක් නොපවත්වා සුදුස්සන් තේරීම හැර වෙන විකල්පයක් නැහැ කියලා මේ හරක්ට නොතේරෙන හැටි.දැන් මේගොල්ලො කියන්නේ ඇමතිගේ හරි මන්ත්‍රිගේ හරි ලියුම සුදුසුකමක් හැටියට සලකලා බදවා ගන්න කියලද ? මේ පෙත්සම දැම්ම හරක් නම් රාජ්‍ය සේවයට තමන්ගේ නුසුදුසුකම හොදටම ප්‍රදර්ශනය කරලා තියෙනවා.
අබිලින්Wednesday, 28 May 2025 12:13 PM
මේ අදහස ඉතාම නිවැරැදියි. තරග විභාගයකට ලියන්න බැරි එකෙක්වත් රජයේ සේවයට කෙසේවත් සුදුසුම නැහැ. විභාග නොලියා ගත්තොත් නියම සුදුස්සන් නැතුව කඩාකප්පල් කාරී නුසුදුස්සාට තැන ලැබෙනවා. එය වැළැක්විය යුතුයි...
Lal Wednesday, 28 May 2025 10:09 AM
තරඟ විභාගයක වරද මොකක්ද?.. හැමෝම උපාධිධාරීන් නම්... අනික රජය, පුද්ගලික university කියලා වෙන් කළොත්.. අර ළමයි මූලික අයිතිවාසිකම් නඩුවක් දායි.
සෙනෙවිරත්න Wednesday, 28 May 2025 10:30 AM
අතුරු තහනමක් විතරයි.
නුවන්S Wednesday, 28 May 2025 10:33 AM
උපාධි හෝ කිසියම් අධයාපනයක් ලබාගත් පමනින් වැඩ කිරීමට සුදුසුකම් සියල්ල සපුරා ගත්තා සේ සලක්න්න බැහැ. එයට ප්‍රායෝගික පුහුනුව ඩහ කුසලතාවයනුත් සපුරා ගත් යුතුයි .ඒ නිසා තමයි ඕනෑම රැකියාවක පරිවාස කාලයක් සහ ප්‍රායෝගික පුහුනු පාඨමාලා තියන්නේ. හැමෝම බලන්නේ හරි විදියක රැකියාවක් කරල වටිනා ජීවිතයක් ගත කරන්න නෙමෙයි,. කොහොම හරී ජොබ් එකක් හොයාගෙන ලේසියෙන් ගොඩ යන්න, අනිත් එකාට හෙන ගැහිල ගියත් කමක් නෑ කියලා. ඊට පස්සෙ වැඩේ කරගන්න බැරි වුනාම, ස්ට්‍රයික් කරන්නයි, ගේම් ගහන්නයි යන්නේ මුන් තමයි.
වලේසුදා Wednesday, 28 May 2025 11:58 AM
උපාධිධාරීන් අතුරින් කිහිප දෙනෙක් පමණක් තෝරා ගන්නේ නම් අමතර තරඟ විභාගයක් පැවැත්වීමයි සාමන්‍ය ක්‍රමය. මෙතැනදී සිදුව ඇත්තේ දේශපාලනමය තත්ත්වක් සලකා බැලීමක් ලෙසයි පෙනෙන්නේ. අනුන්ට බැන බැන තමනුත් කරන්නේ ඒකම විය හැකියි.
අරවින්ද මොණරවිල Wednesday, 28 May 2025 06:06 PM
තරග විභාගයකින් කොහොමද හලෝ දේශපාලන තත්වය හොයන්නේ...? මෝඩකම තිබුණාට කමක් නැහැ. ඒක ප්‍රදර්ශනය කරන්න එපා...!
soma Wednesday, 28 May 2025 12:40 PM
උපාධිධාරින් පරිපාලන සේවයට බඳවා ගැනීමේදීත් තරඟ විභාගයක් පවත්වනවා නේද? ඇයි ඉතින් මේකට විතරක් එපා කියන්නේ...?
යෝගා Wednesday, 28 May 2025 01:27 PM
උසාවියෙන් සුදුසු තීන්දුවක් දෙයි. ඇයි මේ පැලවත්තේ ඩෝබිලා කලබල වෙලා?
කුකුල් චමින්ද Wednesday, 28 May 2025 02:18 PM
උසාවියෙන් සුදුසු තීන්දුවක් දෙයි. ඇයි මේ මල් පාරේ "යෝගා ඩෝබි" කළබල වෙලා?
ගුණරත්න Wednesday, 28 May 2025 02:37 PM
ඩෝබියෝ ටික කෙඳිරිගාන්නේ ඔවුන්ගේ ආණ්ඩුවට බැන්නා කියලා, පේනවා නේ වහල්කමේ තරම...
sugath Wednesday, 28 May 2025 07:05 PM
මේ සියල්ලටම මුල රටේ පවතින රැකියා හිඟය. තරඟ විභාගයෙන් වැඩි ලකුණු නොලබන අය රැකියා සොයා ගන්නේ කෙසේද?