
(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ ගම්පහ, වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත භූමිය නිරීක්‍ෂණය සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා එහි ගියේය.
භාණ්ඩ ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් මෙම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය ඉදි කෙරෙයි.
ආහාර දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි අක්කර පනහක පමණ වන දැනට ඌන උපයෝජනයක්ව පවතින, අතහැර දමා ඇති භූමි ප්‍රදේශය සංවර්ධනය කර මෙම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මෙහි දැනට පවතින ආර්ථික මධ්‍යස්ථානයට, සති පොළට, හමුදා කඳවුරට සහ ඖෂධ ගබඩාවට නව භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමත් සමග පහසුකම් රැසක් සැලසේ.
නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා කීවේ ජනපති අය වැය යෝජනාවෙන් ඉදිරිපත් කළ ආකාරයට මෙරට පොදු ප්‍රවාහන සේවාව මෙන්ම භාණ්ඩ ප්‍රවාහන සේවාව විධිමත් කරන්නට රජය පහසුකම් සකස්කර තිබෙන බවයි.
2025 ඔක්තෝබර් මස 08
1629
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1395
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වේයන්ගොඩට බහුවිධ භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක්