IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


වීසා ගැටලුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්

(ගයාන් සූරියආරච්චි)

වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී, එය සජිවිලෙස නරඹමින් ඇමතිවරයාගෙන් ඇසියයුතු ප්‍රශ්න දිගින් දිගටම මාධ්‍යවේදියකු වෙත යොමුකළ කැබිනට් ඇමතිවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මාධ්‍ය හමුවට සහභාගිවූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු මාධ්‍ය හමුවෙන් පසු ඒ සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් ව දැනුවත් කර ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය.



අදහස් (13)

වීසා ගැටලුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්

mangala Monday, 06 May 2024 02:37 PM

තොපිට හෙනහතම ගහනවා මේ කරන සක්කිලිවැඩ වලට. මේ ලෝකේ කිසිම රටම නෑ යකෝ VFS Global එකක් ඒ රටේ එයාපෝට් එකේ කවුන්ටර් දාගෙන වීසා දෙන.

:       8       95

රෝයි ෆෙඩ්රික්ස් Monday, 06 May 2024 02:51 PM

අපොයි ඔව් අපිටත් ඒ ගැන කිසිම සැකයක්නැහැ. ඔයාලා හොරකම් කරන්න... කොමිස් ගහන්න අවිවාදයෙන්ම එකඟවෙනවා. කරන විවාද වලිනුත් පලකරන්නේ හිතක් පපුවක් නැති බව පමණයි. රෝහල් අසල මල්ශාලා තිබෙනවා කිව්වේත් විවාදයකදී නේද...?

:       3       76

Chandana Monday, 06 May 2024 03:18 PM

මේ ඉල්ලන් කන්නේ නිකන් නෙවෙයි.., මෙයාලාට මොනවා හරි කුට්ටියක් ඇති, ජනාධිපතිතුමනි, මේවත් බලන්න වෙයි. ඔයාගේ කැබිනට් එක...

:       3       52

Anura Monday, 06 May 2024 03:21 PM

ලංකා බැංකුවට පොලු තියලා දැන් හොරකම තව ටිකක් මහා පරිමානෙන් කරන්න පටන් අරන්...!

:       3       46

විජිත් Monday, 06 May 2024 04:09 PM

මේ විසා මඟදියට පාර්ලිමේන්තුවේදී අත උස්සපු මෝඩ හොරු රැළම දවසක ගෙවනවා - සමහරවිට කුඩුවේ තපින්නත් පුළුවන්.ටිරාන්, තව මාස දෙක තුනක් නටපන් ,ඊට පස්සේ උඹ අනිවාර්යයෙන්ම කුඩුවට දක්කනවා..

:       7       47

duminda Monday, 06 May 2024 04:20 PM

අනුමත කළ නොකළ... මොකටද පිටරට කම්පැණියකට දුන්නේ? කොමිස් කාක්කෝ ගෙදර යන්නේ කිට්ටු නිසා මොවුන් කනවා.

:       2       25

kanchana Monday, 06 May 2024 04:29 PM

අපි මුළු ලෝකෙටම කියනවා ශ්‍රී ලංකාවේ ලොකු වීසා මගඩියක් තියෙනවා, ඒ නිසා ඔන් ඇරයිවල් වීසා ගන්න එපා " කියලා.

:       5       32

චන්දිම Monday, 06 May 2024 05:57 PM

ඕක කැබිනෙට්ටුවක් නෙමෙයි ජාතියේ මිනීපෙට්ටිය. ඔව් දියවන්නාවේ මිනීපෙට්ටිය. අපේ රටට ජනතාවට හෙන ගැහිලා යන විදියේ දේවල් තමයි... ඕකේ කට්ටිය අත උස්සලා සම්මත කරගන්නේ. මේකත් හරියටම අර චීන පොහොර නැවේ සිද්ධිය වගේම එකක් තමයි. කරපු කෙනෙක් නැහැ. ගුවන් සේවා ඇමති පැත්තක ඉද්දි මහජන ආරක්ෂක ඇමැති එනවා කරුණු පහදන්න. පුදුම වැඩක්නේ. රටේ මිනිස්සු කවුරුවත් දන්නේ නැහැ රටට එනකොට ගෙනෙන ඩොලර් ටිකෙනුත් කොටසක් හොර පාරේ කාගේ කාගේත් සාක්කු වලට ගිණුම්වලට බැර කර ගන්න විත්තිය.... මෙහෙම ගියොත් ඊළඟ මැතිවරණෙට ඉස්සෙල්ලා රටම විකුණා වි කැබිනෙට්ටුව සම්මත කළාය කියලා. ගුවන් තොටුපොලේදී හඬ නගපු අර තරුණ නීතිඥ මහතාණෙනි, නීතිඥවරුනි ඔතැනින් නතරවෙන්න එපා... ඔබගේ වෘත්තීය සගයින් සමග අඛණ්ඩව මේ පිළිබඳව සටන ඉදිරියට ගෙනගොස් මේ අසාධාරණ වැඩ පිළිවෙල නතර කරන්න.

:       1       24

de silva Monday, 06 May 2024 07:59 PM

ගුවන්තොටුපලේ වීසා කලබලෙන් පස්සේ යුරෝපා ජාතිකයන්ට ලංකාවට වීසා දෙන්න ඩොලර් 100 ගන්නවා කියලා ලෝකේ පුරා ප්‍රචාරය වෙලා යුරෝපා ජාතිකයෝ දාලා තිබුණා බුකින් කැන්සල් වෙනවා දිගට හරහට, අත දරුවෙකු සහ සාමාන්‍ය වයස 10 ක දරුවෙක් සිටින පවුලක් දින 15කට ලංකාවට එනවා නම් වීසා ගාස්තුව පමණක් ඩොලර් 400ක් වෙනවා. ගිය මාසේ මේ පවුල ආවා නම් ගෙවන්නේ සියලු දෙනාටම ඩොලර් 100ක් පමණි. තායිලන්තේ, වියට්නාමේ, මලදිවයිනේ ගාස්තුව 0 $ , ඔබලාගේ මොලේ හොඳ නැද්ද? දැන් හදන්නේ වීසා ගාස්තු නොසෑහෙන ලෙස වැඩිකරලා සංචාරක ව්‍යාපාරේ කඩා දමලා ආර්ථිකේ නැවත බිම දමන්නද? අපිට සුද්දෝ නැතිවුණොත් අපි එනවා නැවත කොළඹ, කාලකන්නි බල්ලෝ සෙට් එක නැවත බේරේ වැවේ නාන්න ලෑස්තිවෙලා හිටපියවු...

:       1       17

Bandula Monday, 06 May 2024 08:31 PM

මොවුන් ඉන්නකම් අපේ රට ගොඩගන්න බැහැ. හෙන ගහපල්ලා මොවුන්ට..

:       1       18

chandima Tuesday, 07 May 2024 12:04 AM

ටිරාන් මහත්තයෝ රට ගිහින් ගිණුමක් ඇරලා ඒ සමාගමට ගිණුම් එහෙම දිලාද ආවේ? කළබලේට ඉලක්කම් වැරැද්දුවේ නැ නේද?

:       0       0

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 04:05 AM

අර ඇමැති දැනුවත් කළ මාධ්‍යවේදියෝ අරුම පුදුම සෙට් එකක්, ඇමැතිගෙන් කවුරු මොනවා ඇහුවත් අහන එක හරි නම් ඒකෙ මුල ගැන කේලම් මොකටද? විජයදාස ළඟට නරකම කැබිනට් ඇමැති තමයි මෙයා,

:       0       0

Chandana Wednesday, 08 May 2024 06:35 AM

අනේ තමුසෙගේ ප්‍රකාශ අපිට වැඩක් නෑ ඕයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ඊලොන් මස්ක් හමු වෙයි
2024 මැයි මස 19 0 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී අද(19)පැවැත්විණි.


ඩයනාට එරෙහිව අපරාධ නඩු සංග්‍රය යටතේ ක්‍රියා කරන්න උපදෙස්
2024 මැයි මස 19 213 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍


මානවහිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
2024 මැයි මස 19 125 0

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
2024 මැයි මස 19 100 0

බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


‘බෙනී ගානට්ස්‘ගෙන් රතු එළියක්
2024 මැයි මස 19 510 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා


ගංගා,ඇළ,දොළ භාවිතයේදී පරිස්සම් වෙන්න
2024 මැයි මස 19 80 0

නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 797 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site