IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


විදුලි බලයට මාර්ගෝපදේශ හදන්න විශේෂඥ කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

 ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනතින් සංශෝධිත 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධි විධාන අනුව, බලශක්ති පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලි බල ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම සඳහා බලශක්ති පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම, පුනර්ජනනීය බල ශක්තිය සහ බල ශක්ති සංක්‍රාන්තිය, බල ශක්ති පද්ධති සැලසුම් කිරීම, ආර්ථික විද්‍යාව සහ මූල්‍ය යන ක්ෂේත්‍රයන්හි අවම වශයෙන් වසර 15ක විශේෂඥතාවක් සහිත තැනැත්තන් 8 දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් යුක්ත වන පරිදි කමිටුවක් විෂය බාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත් කළ යුතු වේ. 

ඒ අනුව, පහත සඳහන් තැනැත්තන්ගෙන් සමන්විතව අදාළ කමිටුව පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

මහාචාර්ය මොහාන් මුණසිංහ,ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක,මහාචාර්ය අරුලම්පලම් අත්පුතරාජා, ඉංජිනේරු ඩබ්ලිව්.ජේ.එල්. ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, ආචාර්ය එච්.එම්. ගුණතිලක මහත්වරු එම කමිටු සාමාජිකයෝ වෙති.



අදහස් (0)

විදුලි බලයට මාර්ගෝපදේශ හදන්න විශේෂඥ කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site