විශ්වයේ ඈතින් පිහිටි ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජලය සොයා ගත් බව නාසා විද්‍යාඥයෝ පවසති.
පෘථිවිය අයත් අප අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් විශ්වයේ ඈතින් මේ අයුරින් මිදුණු ජලය සොයා ගැනීමක් සිදුවූයේ පළමු වරට යැයි විද්‍යාඥයන් පවසන්නේ මහත් උනන්දුවකිනි.
විද්‍යාඥයන්ට මෙම සොයා ගැනීම කළ හැකි වී ඇත්තේ, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ආධාරයෙනි බව ද පැවැසෙයි. ‘ජේම්ස් වෙබ්’ යනු අති නවීණ තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණු, අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂයකි.
මිදුණු ජලය හමුවී ඇත්තේ, ආලෝක වර්ෂ 155 ක් දුරින් පිහිටි තාරකා පද්ධතියකිනි. මෙම තාරකා පද්ධතිය ‘තරුණ’ තාරකා පද්ධතියක් යැයි විද්‍යාඥයන් පවසන්නේ එහි වයස අවුරුදු මිලියන 23 ක් පමණක් වීම නිසාය.
විද්‍යාඥයන් ‘එච්.ඩී. 181327’ යන නමින් මෙම තාරකා පද්ධතිය නම් කර ඇති අතර, මෙම පද්ධතිය පිහිටා ඇත්තේ තැටියක ආකාරයෙනි. තාරකා පද්ධතියට අයත් තාරකාව අප හිරුට වඩා උණුසුම් බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා
බේරේ ගඳ නෑරේ Monday, 19 May 2025 09:17 AM
ඕක මොකට ප්‍රසිද්ධ කෙරුවාද මන්දා...? දැන් ඔය වතුර ටිකටත් වෙච්චි දෙයක් නැතුව යනවා...
Chandima Monday, 19 May 2025 12:28 PM
ඈත ඉඳන් දුරේක්ෂයකිත් ඈත යන ලස්සන කෙල්ලෝ දිහා බලනවා වගේනේ. අඩුම තරමින් අවුරුද්දකට ආලෝක වර්ෂ බාගෙකවත් වේගෙන් යන වාහනයක් නැතුව ඒකට යන්නේ කොහොමද...?