IMG-LOGO

වැවේ අයිතිය ඉල්ලා ගොවියෝ ප්‍රා.ලේ කාර්යාලයට එති

(ජේ.ඒ.පී කුමාර සහ දයාරත්න ඇඹෝගම)

නොච්චියාගම කටුපත්වැව ගම්මානයේ වැව වනජීවීයෙන් තහනම් කිරීමට විරෝධය දක්වමින් ගම්වාසීහු පිරිසක් පැවැත් වූ විරෝධතාව අසලට ආ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා කඩිනමින් විසැඳුමක් ලබා දෙන බව පැවැසීමත් සමග විරොධතා කරුවෝ විසිර ගියහ.

වැවට ගොස් දිය නෑමට,මල්කැඩීමට, ධිවර කටයුතු සදහාත් වනජීවි දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා නොදෙන බව විරෝධතා කරුවෝ පැවැසූහ.

නොචියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වන අවස්ථාවේදී ඔවුහු මෙලෙස නිහඬ විරෝධතාවයක නිරත වූ‍ෙ

තම පාරම්පරික උරුමයක් වන මෙම වැවට ඇතුල්වීමට අවසර ලබා ලෙස  ඔවුහු ඉල්ලා සිටියහ.

මෙම විරෝධතාවය දැක්වූ ජනතාවගෙන් කිහිප දෙනෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කැඳවාගත් ප්‍රාදේශීය ලේකම් මංජරි ශ්‍රී චන්ද්‍රදාස මහත්මිය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ජාවක නිරත වුහ.

එම සාකච්ඡාවේදී ජනතාවට වැවත් සමග බැඳුණ කාර්යයන් සුපුරුදු පරිදි කරගෙන යාමට අවසර ලබාදිමටත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විධිමත් විසඳුමක් ලබා ගැනීමටත් තීරණය කෙරිණි.

අනතුරුව මාර්ගයේ විරෝධතාව දක්වමින් සිටි ගම්වාසින් පිරිසට මේ බව දැනුම් දිමෙන් අනතුරුව උද්ඝෝෂණය සාමකාමීව නිමාවට පත් විය.



අදහස් (3)

වැවේ අයිතිය ඉල්ලා ගොවියෝ ප්‍රා.ලේ කාර්යාලයට එති

අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 06:04 PM

වැව් හදලා තියෙන්නේ වනජීවී එකේ නිලධාරීන්ට ආතල් ගන්න නොවෙයි, මනුෂ්‍යයින් ඇතුළු සියලු සතුන්ගේ ප්‍රයෝජන තකා කියලා නොදන්න වනජීවිය මොකටද...?

:       1       23

de silva Tuesday, 29 July 2025 08:27 PM

වන ජීවි නිලධාරියෝ හිතන්න ඇති බේරේවැව වගේ අනෙක් වැවු වලත් නෑම බෛයියන්ට පමණක් සිමා වුනු එකක් කියලා, ඒක නිසා ඒ ගොල්ල ටොයියන්ට වැවේ නැම් තහනම් කරන්න ඇති...

:       3       10

kapila Wednesday, 30 July 2025 04:26 AM

ඇවිල්ලා මොනවා කරන්නද

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site