(අංජුල මහික වීරරත්න )

මේ වන විට වැටෙමින් පවතින ලංකා ආර්ථිකය යළි ගොඩ නගන ආණ්ඩුව බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේග එකතුවකින් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව ක්‍රියා කර රටේ ආර්ථිකයත්, සමාජ ප්‍රශ්නත් විසඳීම සඳහා ක්‍රියා කරන බව අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුව සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකට ක්‍රියා කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී එජාප සභාපතිවරයා එකම මතයක් දරන කණ්ඩායම් පක්ෂ දෙක නියෝජනය කරන නිසා එකතුව ඉදිරියට ගෙනයාමට කිසිඳු බාධාවක් කිසි විටෙකත් මතුනොවන බව ස්ථිර යැයි කීය.