කැලිපෝර්නියාවේ ශාන්ත බර්නඩෙත් නිවාස සංකීර්ණයක් අසල නවතා තිබූ ඩබල් කැබ් රියකට ගොඩවී සිටි නළු වළසෙකු පොලිසිය වන සත්ව නිලධාරීන් විසින් අල්ලා නැවතත් වනයටම රැගෙන ගියහ.
ඩබල් කැබ් රියේ අගුලූ නොදමා දොරවල් වසා තිබූ බවත් වළසා දොර ඇරගෙන වාහනයට ගොස් දොර වසාගන ඇති බව පෙනී යන බවත් වාහනයේ අයිතිකරු නෙල්සන් පවසයි.
වළසා ඉදිරිපස අසුනට විත් දෑතින් සුක්කානම අල්ලා උගේ හොබ්ඛෙන් වාහනයේ නලාව ශබ්ද කර තිබේ.
වාහනයේ ආසනවල කුෂන් සහ දෙපස ආවරණය කළ කවර ආදී සියල්ලම වලසා ඉරා දමා දැඩි හානි සිදුකර ඇති බව පොලිසිය පවසයි.
වාහනය නවතා තිබූ නිවාස සංකීර්ණයට පිටුපස වනාන්තරයක් තිඛෙන බවත් වළසා පැමිණෙන්නට ඇත්තේ ආහාර සොයාගෙන විය හැකි බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූප ගත කිරීමකට යන්න පරක්කු වෙලා රියදුරුට කථා කළා වෙන්න ඇති. හෝන් කරලා. පමාවට කෝප වී වාහනයට හානි කරන්න ඇති.(ස)
හදිස්සි ගමනක් යන්න වෙන්න ඇති කවුරු හරි මෙයා එනකන් මග බලන් හිටියද කියල අපි දන්නේ නෑනේ.(නදී)
මට හිතා ගන්න බෑ හොර්න් සද්දේ බලන්න ගිය කෙනාට උනේ මොකක්ද කියලා.(නදී)
වරුණ, ඔයා වගේ වලහත් සේනාව එනකම් බලාගෙන ඉන්න ඇති. දැන් වලසුන්ටත් ජාතිවාදය ඕනලු නේද? (නදී)
නළු වලසෙක්ලුනේ, රඟපෑමක් කරන්න ඇති (නි)
වාහනය දොරගුළු ලා නොගිය එකට පාඩමක් උගන්වන්නත් එක්ක නළු වලහා හොඳ රංගනයක යෙදිලා වෙන්න ඇති. (ස)