IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග

උපාලි ආනන්ද

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සිය තනතුරට අවැසි බලය ඉක්මවා කටයුතු කර ඇති බවට  කැකිරාව මහේස්ත්‍රාත් ඩී. පී. එස්. එම්. කරුණාරත්න මහත්මිය තීන්දු කළාය.

ඒ අනුව නිති විරෝධීව මුද්‍රා තබා වසා දැමූ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාව මුද්‍රා කඩා වහාම යළි විවෘත කරන ලෙසට ද කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එස්.එම් කරුණාරත්න මහත්මිය කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත තනිප්පුලිආරච්චි මහතාට තවදුරටත් නියෝග කර ඇත.

මෙසේ මුද්‍රා කඩා යළි  විවෘත කරන ලෙසට නියෝග කෙරුණේ නුවර පාර මරදන්කඩවල උලංකුලම ඩේරිස් පෞද්ගලික සමාගමට අයත් කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි.

එම ආයතනයට සහ එහි අයිතිකරු වන ඉසුරු ජීවන්ත චන්ද්‍රසේකර මහතාට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත තනිප්පුලිආරච්චි මහතා අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසිත තනිප්පුලිආරච්චි මහතා ප්‍රකාශ කළේ සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් කිරි ආශ්‍රිත නිෂ්පාදනය විත්තිකරුට අයත් මෙම ආහාර පරිහරණ ආයතනය තුළ සිදුකරමින් පවතින බවට පැමිණිලි ලැබුණු බවයි‍.

 



අදහස් (1)

වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග

Dulmini Tuesday, 07 May 2024 07:57 AM

ඩේරීස් ආයතනයේ පරීක්ෂණ කටයුතු කරන්න ඉන්ස්පෙක්ටර් මහත්තෙයා එනකොට මල්ලිට කියලා තේ මේසයක් පිළියෙල කලානම් ඕවා වෙන්නෙ නැහැ මුදළාලි . ඉන්ස්පෙක්ටර් උන්නාන්සේ තේ බොන වෙලාවෙ අහවලාගෙ මල්ලිත් මේසයේ හිටියනම් පරීක්ෂණ කටයුතු ඉතාමත් සාර්ථකව අවසන් වෙනවා.මම දැකපු දෙයක් කියන්නෙ ඉඹුලානට ආසන්න ගමේ කැඩුම් බිදුම් වෙදෙක් ඉන්නවා ඒ බෙහෙත් ශාලාව ඉදිරිපිට අලංකාරව තියෙනවා පිටිපස්සෙ වතුර භාජන පිරිලා වතුර වලවලුත් එහෙමයි ඒවායේ මදුරුවො යන්නෙ ඇමරිකාවෙ ගුවන් තොටුපලක ✈️ යනවා වගේමයි ඒත් ඉස්සරහ දොරේ ඩෙංගු මර්ධනය කල ආදර්ශමත් පරිශ්‍රයක් කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තෙයා දැන්වීමක් අලවා තිබුනා

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික පරිවර්තන පනත 22 මැතිසබයට
2024 මැයි මස 19 62 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.


කිරිඇල්ල කියන නොසන්ඩාලයා කවුද
2024 මැයි මස 19 700 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප


අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි
2024 මැයි මස 19 849 1

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.


විවාදයට සජබ දින දෙයි
2024 මැයි මස 19 883 4

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.


ඉරාන තානාපතිට පහරදීමක්
2024 මැයි මස 19 1130 1

ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.


සැකකරු කොස්තාපල්ගේ මූණ හපාකාලා
2024 මැයි මස 19 327 1

පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 799 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2016 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site