දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන වාර්ෂාව නිසා වැඩිම අවතැන් වූවන් පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ සරත් ලාල් කුමාර මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 81ක සාමාජිකයන් 331ක් අවතැන් කඳවුරුවල සිටින බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, වත්තල සහ කටාන ප්‍රදේශවල මාර්ග කිහිපයක් සහ පහත් බිම් ජලයෙන් යටවී ඇත.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ පීඩාවට පත්වූවන්ට සහන සැපයීමට සහ ඔවුන් පිළිබඳ විත්තර රැස් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි.
දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි නිල නොවන අයුරින් දැන ගත් බවත්, තවම තොරතුරු එක්රැස් කරගෙන යන නිසා නිෂ්චිතව පැවසිය නොහැකි බවත් ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු කොළඹම තියෙන කුණු ගෙනවිත් මුතුරාජවෙල පුරවනවා.වතුර බහින්න විදියක් නැහැ.ඉතින් යට නොවී තියෙයිද? (නි)
ඒක නම් ඇත්ත. මෙහෙට වහිනවා වහිනවා ඉවරයක් නැහැ (නි)
යට වෙන්නේ නැතුව ඉදියිද? මුතුරාජවෙල වගුර ගොඩ කළා නේද පහුගිය ටිකේ? (නි)
අම්මපා! අපේ දයා ගේ නුවණ? ඉරිසියාවේ බැහැ. ගම් පහක වතුර පිට වෙනකොට හය වෙනි ගමේ ඉන්න මම කොහොමද අමුඩේ පිටින් වතුර හිස් කොරන්නේ? හිතලා ඔලුවත් රිදෙනවා. (නි)
අව්වේ කරවෙලා ඉඳල මේ වැස්ස නම් මාර සනීපයි.(ස)
ගම්පහ හැම අවුරුද්දෙම ඔහොමයි. ජා ඇල ගම්පහ පාර පොඩි වැස්සටත් යට වෙනවා. (ස)
මේකනේ වැඩේ. මෙතන ගම් පහක්නේ. ඉතින් ගම් පහටම ඇතිවෙන්න වහින්නත් එපායැ. (ස)