IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැස්සේ වැඩිම අරියාදුව ගම්පහට

දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන වාර්ෂාව නිසා වැඩිම අවතැන් වූවන් පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ සරත් ලාල් කුමාර මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 81ක සාමාජිකයන් 331ක් අවතැන් කඳවුරුවල සිටින බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, වත්තල සහ කටාන ප්‍රදේශවල මාර්ග කිහිපයක් සහ පහත් බිම් ජලයෙන් යටවී ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ පීඩාවට පත්වූවන්ට සහන සැපයීමට සහ ඔවුන් පිළිබඳ විත්තර රැස් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි.

දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි නිල නොවන අයුරින් දැන ගත් බවත්, තවම තොරතුරු එක්රැස් කරගෙන යන නිසා නිෂ්චිතව පැවසිය නොහැකි බවත් ඔහු පැවසීය.

 



අදහස් (0)

වැස්සේ වැඩිම අරියාදුව ගම්පහට

යොහාන් Monday, 06 May 2013 06:01 PM

මුළු කොළඹම තියෙන කුණු ගෙනවිත් මුතුරාජවෙල පුරවනවා.වතුර බහින්න විදියක් නැහැ.ඉතින් යට නොවී තියෙයිද? (නි)

:       0       0

විහග Monday, 06 May 2013 06:45 PM

ඒක නම් ඇත්ත. මෙහෙට වහිනවා වහිනවා ඉවරයක් නැහැ (නි)

:       0       0

විරාජ් Monday, 06 May 2013 09:23 PM

යට වෙන්නේ නැතුව ඉදියිද? මුතුරාජවෙල වගුර ගොඩ කළා නේද පහුගිය ටිකේ? (නි)

:       0       0

හේරත් Monday, 06 May 2013 10:02 PM

අම්මපා! අපේ දයා ගේ නුවණ? ඉරිසියාවේ බැහැ. ගම් පහක වතුර පිට වෙනකොට හය වෙනි ගමේ ඉන්න මම කොහොමද අමුඩේ පිටින් වතුර හිස් කොරන්නේ? හිතලා ඔලුවත් රිදෙනවා. (නි)

:       0       0

මොහිදීන් Monday, 06 May 2013 04:13 PM

අව්වේ කරවෙලා ඉඳල මේ වැස්ස නම් මාර සනීපයි.(ස)

:       0       0

අජිත් Monday, 06 May 2013 04:29 PM

ගම්පහ හැම අවුරුද්දෙම ඔහොමයි. ජා ඇල ගම්පහ පාර පොඩි වැස්සටත් ය‍ට වෙනවා. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 06 May 2013 04:32 PM

මේකනේ වැඩේ. මෙතන ගම් පහක්නේ. ඉතින් ගම් පහටම ඇතිවෙන්න වහින්නත් එපායැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site