IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විලියම් වීරසිංහ කුසලාන ධර්මරාජයට

ධර්මරාජ විදුහලත් කිංග්ස්වුඞ් විදුහලත් අතර සාම්ප‍්‍රදායිකව පවත්වනු ලබන විලියම් වීරසිංහ කුසලාන සඳහාවූ රග්බි තරගයේදී ලකුණු 33-24 ක ජයක් වාර්තා කිරීමට ධර්මරාජ කී‍්‍රඩකයෝ සමත් වූහ. අන්තර්පාඨශාලීය වයස අවු 20න් පහළ ‘ඒ’ කොටසේ රග්බි තරගයක්ද වූ මෙම තරගය සෙනසුරාදා (27 වැනිදා) මහනුවර බෝගම්බර කී‍්‍රඩා පිටියේදී පැවැත්විණ.

ප‍්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 21-12ක් වශයෙන් ධර්මරාජ පිල ඉදිරියෙන් වූ අතර ජයග‍්‍රාහී ධර්මරාජ කී‍්‍රඩකයෝ ගෝල දිනුම් තුනක් හා දඩුවම් පහර හතරක් මගින්ද කිංග්ස්වුඞ් පිල ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස්කළහ.

තරග විනිසුරු ඞී. පීරිස් මහතාගේ ප‍්‍රථම නළා හඩින් තරගය ආරම්භවීමත් සමග සුපුරුදු කී‍්‍රඩා රටාවට අවතීර්ණවූ ධර්මරාජ කී‍්‍රඩකයෝ පිට පිටම ගෝල දිනුම් දෙකක් වාර්තාකිරීමට සමත් වුවද ඒ සියලූ පීඩනයන් විඳදරා ගනිමින් නැවත තරගයට අවතීර්ණවූ කිංග්ස්වුඞ් කී‍්‍රඩකයෝ ප‍්‍රතිවාදීන්ට ප‍්‍රබල තර්ජනයක් එල්ලකිරීමට සමත් වූහ.

ඒ වනවිට ධර්මරාජ කී‍්‍රඩකයන් මින් පෙර තරගවලදී පවත්වා ගෙනගිය පැහැදිලි හා වේගවත් කී‍්‍රඩා රටාවෙන් මිදී තිබූ අතර කිංග්ස්වුඞ් කී‍්‍රඩකයෝ වැඩිවේලාවක් පිටියේ අණසක පැතිරවීමට සමත් වූහ.

ජයග‍්‍රාහී ධර්මරාජ පිල වෙනුවෙන් රෝචන හෙට්ටිආරච්චි උත්සාහක දිනුම් දෙකක් හා ජේ. එස්. විජේසිංහ උත්සාහක දිනුමක්ද, තිළිණ විජේසිංහ දඩුවම් පහර හතරක් හා ගෝල දිනුම් දෙකක්ද  ලබාගත්හ.

කිංග්ස්වුඞ් පිල වෙනුවෙන් නිමේෂ් පේ‍්‍රමතිලක උත්සාහක දිනුම් දෙකක්ද තරිඳු චතුරංග හා තුවාන් ජලීල් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ.

 



අදහස් (0)

විලියම් වීරසිංහ කුසලාන ධර්මරාජයට

අශෝක Monday, 29 April 2013 07:08 AM

නියමයි ධර්මරාජ! (නි)

:       0       0

අශෝක Sunday, 28 April 2013 06:05 PM

රජනෙස් එදිරියටම.................. (ස)

:       0       0

චමින්ද Monday, 29 April 2013 07:59 PM

ලාස්ට් ඉයර් එකේ 2012 කින්ග්ස්වූඩලා මැච් එකට අවේ නෙත්තෙ ගිය පාරත් පරාද වෙන බයට නේද (අ)

:       0       0

රිස්වාන් ඩුබාඊ Sunday, 28 April 2013 04:47 PM

හොද තරගයක්...තව ටිකක් කින්ග්ස්වූඩ් ක්‍රීඩකයන් හොඳට ගෝල ප්‍රවර්තනය කලානම් කිංග්ස්වූධ්ලට දිනන්න තිබුනා.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site