
(අංජුල මහික වීරරත්න)
වරාය අධිකාරියේ සේවක මහතුන් වෙත ලබාදෙන ආහාර පැකට්ටුවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (18) උපදෙස් දුන්නේය.
දිනකට ආහාර පැකට්ටු 7,500ක් පමණ පිළියෙල කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන මුළුතැන්ගෙය වෙත වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරමින්, සේවක මහතුන් වෙත ලබාදෙන ආහාරයේ ප්‍රමිතිය, ගුණාත්මකභාවය, සෞඛ්යාරක්ෂිතභාවය සහ ආහාර සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීය.
පසුගිය කාලසීමාවේ සේවක මහතුන් වෙතින් ආහාරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, වරාය අධිකාරිය විසින් විශාල මුදලක් වැය කරමින් ආහාර සැපයීම සිදු කරන බැවින්, එම ආහාර ප්‍රමිතියෙන් යුතු, ගුණාත්මක හා සෞඛ්යාරක්ෂිත මට්ටමක පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩු ලබන රජයේ ආයතන ... දවසේ වැඩි හරියක් ඉන්නේ නිකන්. ඒ මදිවට නිකන් කෑම එකත්... හොද රහට... අපි බදු ගෙවමු...