IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වායු දූෂණය අවම කරන්නැයි යාපන නගර සභාවට නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)
යාපනයේ වායු දූෂණය අවම කිරීම සඳහා ගත හැකි සියලුම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය යාපනය මහ නගර සභාවට අද නියෝග කළේය.
යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් පරිසර පනත්වල විධිවිධාන අනුව යාපනය නගර සභාව කටයුතු නොකරන බව  අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසුරිය මහතාගේ ප්‍රශ්ණයකදී පිළිගැනීමෙන් අනතුරුව එලෙස නියෝග කළේය.
යාපනයේ වෛද්‍යවරයකු වන උමා සුඛී නඩරාජා මෙනවිය ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය එසේ නියෝග කරනු ලැබීය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ රිට් පෙත්සම සලකා බැලණි.
වෛද්‍ය උමා සුඛී නඩරාජා මෙනවිය ගොනු කළ පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ යාපනය නගර සභාව ඇතුළු පිරිසන් නම් කර ඇත.යාපනය ප්‍රදේශයේ කැලිකසල හේතුවෙන් ප්‍රදේශයේ වායු දූෂණය සිදුවන බවත් මෙම තත්ත්වය වැළැක්වීමට වගඋත්තරකරුවන් කටයුතු නොකරන බවත් පෙන්වා දෙන වෛද්‍ය උමා සුඛී නඩරාජා මෙනවිය යාපනය ප්‍රදේශයේ වායු දූෂණය වැළැක්වීමට කටයුතු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග  කරන්නැයි ඉල්ලා සිටින්නීය.


 



අදහස් (0)

වායු දූෂණය අවම කරන්නැයි යාපන නගර සභාවට නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 882 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site