
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයට ඔවුන්ගේ ඉදිරි දේශපාලන අරමුණ පිළිබඳව කිසිම එකඟතාවයක් නැති බැවින් පැය 24ක් වත් පවතින තර්කයක් ඉදිරිපත් කරගන්නට නොහැකි වී ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
"විපක්ෂය අප ගැන කියන දේවල් වල මොකක් හරි තර්කයක් අල්ලගන්න මම උත්සාහ කළා. උත්තරයක් දෙන්න වුනත් ඒක දැනගන්න අවශ්‍යයි නේ.මේවායේ දේශපාලන ලොජික් එකක් තියෙනවාද කියලා මම තදින්ම හෙව්වා. හරිම අමාරුයි ඒ තර්කය හොයාගන්න.කරුණු අතර කිසිම සම්බන්ධයක් නෑ.විවාදය සාර්ථකව කරගෙන යන්න නම් ඔවුන් ඉදිරිපත් කරන එක තර්කයක් පැය 24කට වඩා පවත්වාගෙන යන්න උත්සාහ කරන්නැයි මා විපක්ෂයට යෝජනා කරනවා.පැය 24ක් වත් පවතින්නේ නැති තර්ක අහගෙන ඉන්නත් අමාරුයි,
යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමිය. මොන කයිවාරු ගැහුවත් වැඩක් නැහැ... ජීවන බර සැහැල්ලු නොකර. ආණ්ඩුවට වසරක් අවසන්. ඒත් මිනිස්සු තුන්වේල කන්නේ අමාරුවෙන්. බඩු ගිනි ගණන්. කෝ 150 පෙට්‍රල්? 33% අඩුකරපු ලයිට් බිල. මේ බොරු පොරොන්දු නිසා තමයි දින්න විදියටම අද සමූපකාර ටික පරාද වෙන්නේ?
කිසිම රහක් නැහැ.
ඔබතුමිය කට ඇරියොත් ලිංගික අධ්‍යාපනය තමයි ඉතින්