IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘‘විදුලි මිල වැඩි විය යුතුමයි‘‘

(විමුක්ති එස්. රුද්‍රිගු)

ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ඉල්ලා ඇති විදුලිය ගාස්තු සංශෝධන සඳහා අවසර හිමිවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ව්‍යවසායවල පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් එම ව්‍යවසායවල ඇතිවිය හැකි මූල්‍ය අවදානම් තත්වය මග හැරෙන බවද එම අරමුදල පැවැසුවේය.

ඉන්ධන සහ විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට එම ව්‍යවසායවල වැය කරන මුදල නැවත පාරිභෝගිකයාගෙන් අයකර ගත හැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කුලුනක් බවද එම අරමුදල ප්‍රකාශ කළේය.

විදුලිය ගාස්තුව සියයට 6.8 කින් ගාස්තු ඉහළ දැමීමේ සංශෝධනය මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෑතකදී ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය විමසමින් අප පුවත්පත එම අරමුදලේ මාධ්‍ය ප්‍රකාශකවරියගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම අදහස් පළ කළේය.

පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක නොකිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැවත වරක් පාඩු ලැබුවහොත් එම ව්‍යවසායන් රාජ්‍ය මූල්‍යයට බරක් වනු ඇති බවත් එවිට එම බර බදු ගෙවන්නන් මත පැටවෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අයකර ගැනීමට හැකි වන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සහතික වන අයුරින් මෙරට සෑම විදුලිය ගාස්තු සංශෝධනයක්ම සිදුවිය යුතු බවත් මෙරට විදුලිය ගාස්තුව සෑමවිටම තීරණයේ විය යුත්තේ එම ප්‍රතිපත්තියට අදාළව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

‘‘විදුලි මිල වැඩි විය යුතුමයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site