ශ්රී ලංකාවේ දැනට යෝජිත විදුලි බිල වැඩි කිරීම විදේශ ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විශාල බලපෑමක් එල්ල වී ඇති බව දැනගනන්ට ඇත.
විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවල රැකියාව කරන කාන්තාවන්ටත් සාමාන්‍ය පෙලේ රැකියාවන් කරන සියලු දෙනාටත් විදුලි බිල ඉහළ දැමීම විශාල ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති බව සැළයි.
තම පවුලේ සාමාජිකයන්ගේ නඩත්තුව සඳහා මීට කළින් යවන ලද සොච්චම් මුදලින් එදිනෙදා ජීවිතය ගැට ගසා ගත්තද, නිවෙස් වල විදුලි බිල ඉහළ දැමීම තුළින් මීට ඉහතදී ගෙවන ලද මුදල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවීම ලැබෙන වැටුපෙන් දරා ගැනීමට නොහැකි බව ද, බොහෝ ශ්‍රී ලාංකිකයෝ කනස්සල්ල පළ කරති.
විදුලි බිල අසාධාරණ ලෙස ඉහළ ගියද විදේශ ගත අපට ලැබෙනුයේ පරණ වැටුප නිසා තම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනෙකුත් කරුණු කාරනාවන් ඉටු කිරීම පසෙකලා විදුලි බිල සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවීම දරා ගත නොහැකි බව ද විදේශ ගත ශ්‍රී ලාංකිකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදියේ ඉදන් ත්‍රීවිල් එකටත් බදු ගහල මරුටි ඇල්ටෝ වලටත් බදුගහල බිඑම්දබ්ලිව් ජගුවෙර් වලට සහන දුන්න සාමාන්‍ය මිනිහෙක්ට ගොඩ ඒමක් නැති කරලා..!(නු)
අවංකම සහතික ඇත්ත. මම දැන් රට රැකියාවට අවූරුදු 14 යි. තවම ගේ හදනවා. මේ රටට ආපු පඩිය තමයි තවම. ලංකාවේ බඩු මිල ඉහල ගියාට අපේ පඩි මෙහෙ වැඩිවෙන්නේ නැහැ.රට ආවත් ලංකාවේ මිල වීම නිසා ජිවත් අමාරුයි. විදුලි බිල පෙර මිලටම ඒකක 120 දෙනවා නම් දුප්පත් අයට කරන ලොකුම සහනයක්. රට අපු කෙනෙකුට ආයිත් ලකාවේ රැකියාවක් හොයාගන්න අමාරුයි.රට අපු අය ගැන මිට වඩා බලනවානම් ඉතාමත් හොදයි. (නු)
කාට කාටත් විදුලි බිලේ සැර හරියටම දැනෙන්නේ විදුලිය පරිහරණය කර නිපදවන භාණ්ඩ වල , කෑම බීම වල, පොත් පත් වල සේවා ගාස්තු මිල වැඩි වුණදාටයි. (නි)
සෑමට සුභ අනාගතයක් වේවා! (නි)
අනේ. ඔව්. දැන් දැන් අපේ නෑදෑයෝ ස්කයිප් එකට එන්නෙත් බොහොම අඩුවෙන්. මොනවා කරන්නද ලංකාව ගැන අපි කණගාටුයි.(ස)
මේ කතාව සහතික ඇත්ත.අපිටත් දැන් ඒ බර දැනිල තියෙනවා.ප්‍රශ්නේ අපිට මෙහෙමනම් ලංකාවේ දුප්පත් රස්සාවල් කරන මිනිස්සුන්ට මොනතරම් මේක දැනෙනවා ඇත්ද?? (ස)
අපේ රට දියුණු කරන්න විදුලි බිල වැඩි කරලා හරියන්නේ නැහැ. පුලුවන්නම් ඔය ආණ්ඩුවේ පුරවාගෙන ඉන්න ඇමතිලා අඩු කරලා යන බොරු වියදම් අඩු කරලා පෙන්නන්නකො බලන්න. රටට මොන තරම් යහපතක් වේවිද කියලා බලන්න.(නදී)
දුමින්ද, විවාහ ගාස්තු වැඩි නිසා කසාද නොබැඳ පවුල් කන අයට කළුවර මසුරං!(නදී)
එයාලගේ බිල ගෙවන්නෙත් ඉතින් අපේ සල්ලි වලින්නේ. මේ රටේ ඉපදුනේ සාපයක් නිසා කියලයි මට දැන් හිතෙන්නේ. (ස)
අයියෝ ගනන් ගන්න එපා.(ස)
මේකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ. (නි)
ගණන් ගන්න එපා.අපි ආශ්චර්යේ ඉන්නේ. (ස)
දිරම් ඔබ කිව්වට ගනන් ගන්න එපා කියලා අපිට මේ රටෙන් පඩි වැඩි කරන්නේ නැහැ.. අපේ රටේ හරියට වැඩ සිදුවෙනවානම් අපි මේ විදියට පිට රටවල දුක් විදිය යුතු නැහැ.. ලෝකෙන් උතුම් රට ලංකාව දැං නම් ඉවරයි වගේ..!(නු)
මැද පෙරදිග ඉන්න අපේ පඩිය වැඩිකරන්න කියලා ඔය ලංකාවේ ඉන්න ඉටි පන්දම් අයයි, පන්දම් අයයි ඇවිත් වර්ජනයක් දාන්නකෝ (නි)
පොදු ජනතාවගේ දුක දැන්වත් තේරුම් ගන්නවනම් ලොකු දෙයක්.. (ස)
මේවට අපිම වග කියා යුතුයි. අපි දැන් ජෙට් එකේ කොළඹින් නැගල මත්තලින් බහිනව.ප්‍රශ්න අමතකයි. (ස)
මේ කතාව හරි එයාලට විතරක් නෙමෙයි සෑම සාමාන්‍ය පාන්තිකයකුටම මෙය විශාල ලෙස දැනෙන කරුණක්..!(නු)
මධ්‍යමපාන්තිකයන්ට වැදුණු දරුණු පහරක් මේක..!(නු)
ඒක නම් ඇත්ත. (නි)
අප කොම කිව්ට් ඕව කවුරුවත් අහන්නේ නැහැ..!(නු)
මෙයාලට පිස්සු. මොකද එයාලගේ හැම බිල් එකක්ම ගෙවන්නේ අපිනේ. මේ තෑග්ග අපිට දුන්නාට ජයවේවා! (නි)
ලංකාවම අඩපන උනා වගේ (දී)
කට්ටිය හිතාගෙන ඇති අපි මෙහෙ ගස් හොල්ලපුවම සල්ලි වැටෙනවා කියා. (නි)
අහිංසක මිනිස්සු ගෙවල් වලට ගෙනත් දීපු විදුලි බඩු ටිකක් විකුණන්න තමයි වෙන්නේ (නි)
ඇත්ත තමයි. මාත් පිටරටක පොඩි රස්සාවක් කරන්නේ. විකාර කරන්නෙ නැතුව එකතුවෙලා ජනතාව වෙනුවෙන් දැනෙන දෙයක් කලොත් ලොකු පිනක් (නි)
ඔව් ඒක නම් සහතික ඇත්ත. විවාහ ගාස්තුව ලොකු ගානකින් වැඩි කළ නිසා විවාහ නොවී එකට පවුල් කනවා අඩු ආදායම්ලාභී පවුල් වල අය. ඒ වගේ විදුලිය පාවිචි නොකර ඉන්න පුලුවන්ද? (නි)
දුකෙන් උනත් කියන්න ඕන කොරෙං වල ඩිසල් පෙට්‍රල් විදුලි බිල ලංකාවට සමනයි කියල......
අපේ රට තාම සංවර්ධනය වෙමින් පවතින රටක්. දිළිඳු ජනතාව වැඩියි. ඉතින් මේ වගේ ජනතාවක් ඉන්න රටකට මේ තරම් සුඛෝපභෝගී බිල් ගෙවන්න අමාරුයි. තුන්වේල කන්නෙත් බොහොම අමාරුවෙන්. ළමයි පාසල් යවල කන්න, අඳින්න, ලෙඩට බෙහෙත් ටික දෙන කොට අපි ගන්න වැටුප ඉවරයි. අඩුම තරමින් විදේශ විනිමය කෝටි ගණන් රටට ගෙන්වන අපි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? වගකිවයුතු නිලධාරිනි මේ ඔබගේ අවධානය පිණිස පසක් කරනුයේ කණගාටුවෙන් හා අප්‍රසාදයෙනි.(නු)