අන්තර් ආගමික සංවාදය සඳහා වන වතිකානුවේ ශූද්ධාසන කොමිසම ‘උතුම් වෙසක් තෙමඟුල‘ වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අනුදැනුම ඇතිව එහි සභාපති ජාන් ලුවී කාදිනල් තොරාන් පියතුමා ද ලේකම් මිගෙල් ආන්ජොලෝ අයුසෝ හිසෝත් පියතුමා ද මෙම නිවේදනයෙන් කියනුයේ පන්සිල්හි ප්‍රථම ශික්ෂා පදය වන පර පණ නොනැසීමේ ශික්ෂාපදය කිතුනු ආගමද අනුදක්නා බවයි.
ශ්‍රෙෂ්ඨ බෞධාගමික සම්ප්‍රදාය වෙනුවෙන් කතෝලික සභාවේ නිර්ව්‍යාජ බහුමාන හැඟීම් ප්‍රකාශ කරන බවත්, බෞද්ධාගමේ පූජනීය ග්‍රන්ථයන්හි නිතර දක්වා තිබෙන සුසංහිඳිත ජීවිත වටිනාකම අගය කරන බවත්, ජීවිතයට ගරු කිරීම, ධ්‍යානය, සරල අල්පේච්ඡ ජීවිත ගත කිරීම ඔස්සේ පොදු වටිනාකම් හා හර පද්ධති හඳුනා ගැනීම ඔස්සේ ආගම් දෙක අතර නිර්ව්‍යාජ සුහද සංවාදය පෙරටම ගෙන යෑම දිරිමත් කළ යුතු බවත් එම පණිවුඩය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කතෝලික, සෞදියේ සිට සුභ පතනවා සුභ වෙසක් මංගල්‍යයක් වේවා!(නදී)
බුදුන් වහන්සේ කියන්නේ මනුස්සයෙක් බව ඇත්ත. නමුත් දැනගත යුතු තවත් දෙයක් තියනවා, බුදුන් වහන්සේ යනු මිනිසා නැවත නැවත ඉපදීම නතර කිරීමට මාර්ගයක් සොයාගත් සිත දමනය කරගත් උත්තරීතර බුද්ධත්වයට පත් උත්තමයෙක් බව. ඒ වගේම සියලුම දෙවියන්ගේ වැදුම් පිදුම් ලැබූ උතුම් මිනිසෙක් බව දන්වනු කැමතියි.තවද බුදු දහම මෝඩයන්ට නොව බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගැනීමට හැකි ධර්ම මාර්ගයක් බව ප්‍රකාශ කරමි. (නි)
මෙය කුමන්ත්‍රනයක් විය හැකියි. අපේ වගකිවයුත්තන් මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කළ යුතුයි (නි)
අපිට නම් ඔය කාර්ඩ් වලින් වැඩක් නැහැ. ඕවා බොරු වැඩ (නි)
අහන්න ලැබීමත් සතුටක්. ජේසු පිහිටයි! (නි)
ආගම් කෙරෙහි අනෝන්‍ය අවබෝධය සාමය ශක්තිමත් කරාවි. (නි)
සම්පත් ආගම්වාදෙට අහවල් ආගම කියලා දෙයක් නැහැ. කොහෙද ඔයාගේ ගෙවල්. අන්තර්ජාලේ මියන්මාරේ බෞද්ධයෝ කරන වැඩ ගැන ටිකක් හොයලා බලන්න. මියන්මාර පොලිසියෙන් පටිගත කරපු වීඩියෝවක් තියනවා බලන්න. බෞද්ධයෝ කරන වැඩ ගැන. එහෙ බෞද්ධ තමයි වැඩි.(නදී)
මේ සුබපැතුම ලියා තියෙන්නේ බුදධාගම ගැන හොඳ අවබොධයකින් යුතුවයි. මෙවැනි සංකල්පනා සහ සහජීවනය තමයි අද ලෝකයේ හොයා ගන්න අමාරු. බොදුනුවෙක් වශයෙන් වතිකානුවට මගේ හෘද්‍යාංගම ප්‍රණාමය! (නි)
ආගම් නම් හැම එකම හොදයි. (නි)
මෙහෙමනේ නෙතුමි කෙනෙක්, රස්සාවක් නැති,මෝහයෙන් පිරුණු,හැමදාම කාට හරි කඩේ ගිහින් බඩපුරවගන්න, අධ්‍යාපනේ නැති හෝ අඩු,හැමදාම රැවටෙන,මේ මිනිස්සු ඉන්නේ ප්‍රශ්ණ වැලක.ඉතින් ඔක්කොම ප්‍රශ්න ආගමට බාරදීලා ජිවත් වෙනවා.මේ ආගම නැති වෙයි කියන අනියත බියක් තියනවා.ඕකයි හේතුව. (නි)
නෙතුමි, ඔබ දන්නවද අපිත් බංග්ලාදේශයේ මිනිස්සු වගේ ආගමට නිගරු කරන අයට මරණ දණ්ඩනය දෙන්න කියල රටේ යුද්ද කරන්නේ නැහැ. ආගමෙන් නීති දාන්න කියන්නේ නැහැ, ඔබට ඒවා තේරෙන්නේ නැහැ. (ස)
බුදු හාමුදුරුවෝ දෙවියෙක් නොව සාමාන්‍ය මිනිසෙකි. එම නිසා අපි බුද්ධාගම අතහැර සියලු දෙනා කිතුනුවන් වෙමු. (නි)
එහෙම නම් බුද්ධාගම කියලා එකක් නැද්ද? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අපි සියලු දෙනාම එතකොට ක්‍රිස්තියානි වෙන්න ඕනෑද? (නි)
ඔබතුමන්ලාගේ සුබපැතුම් වලට ස්තුති. (ස)
නාමල් ඔබගේ ඇස කන නැද්ද?(ස)
මෙතන කසුන්ගේ අදහස මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මනුෂ්‍යාව සහ ලෝකය මැවුවේ දෙවියන් වහන්සේ, බුදුන්වහන්සේට පසුව ජේසුස් වහන්සේ ඉපදුන එක ඇත්ත. නමුත් දෙවියන් වහන්සේටවත් ජේසුස් වහන්සේටවත් සංසාරේ එතෙර වෙන්න ඔබ කියූ මාර්ගය වලංගු සහ ඕනෑ නැහැ. ඒ අය ජීවිතේ ජයගත්තු අය. ඔබේ ආගමට අයත් තිස්තුන් කෝටියක් දෙවියන් අතරට දෙවියන් වහන්සේ අයිති නැහැ. බෞද්ධ ධර්මයක් නමුත් කතෝලික ආගමක් මේ දෙකේ අතර වෙනස ඔබ දන්නවද ? මේ ඔබේ ආගම විවේචනයක් නොවේ ඔබව විවේචනයකි . (නි)
මට තියන ප්‍රශ්නේ ලොව බුදුදහම ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා කියන කටින්ම හරවා ගත්ත කියා කෑ ගහන අය ගැන.(ස)
අපි හැමකෙනාම බුද්ධාගමටත්, කිතුනු දහමටත් ගරු කළ යුතුයි. ආගම විවේචනය කරන්න හොද නැහැ. මිහිහෙක් විනයගරුකව හැදෙන්න ආගම මුල් වෙනවා. ආගමක් නැති කෙනා හොද නැහැ. එනිසා පාප්තුමාගේ වෙසක් සුබපැතුමට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ වගේම, නත්තලටත් අපි ආශිර්වාද කරන්න ඕනෑ. ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය පුද්ගල අයිතියක්.ආගම විවේචනය නොකරමු. (නි)
සම්පත්, ඔබට මගේ අදහස හරිහැටි තේරුම් ගන්න බැරි වුණාට මට කරන්න දෙයක් නැහැ. මම කවදාවත් කිසිදු ආගමක් විවේචනය කරන්නේ නැහැ. එයට මට අයිතියකුත් නැහැ. වෙසක් වලට සුබ පතපු එකත් ඔබලාට හැඟෙන්නේ පටු අදහසකින්නේ. මෙයටද මේ ඔයාලා කියන බෞද්ධකම කියන්නේ. නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා නැහැ. මමත් එච්චර පටු නැහැ බෞද්ධාදගම ගැන එහෙම හිතන්න (නි)
අපේ රටට ඇවිල්ලා ආගමට හැරනේ නැත්තං දරුවො උඩ දාලා කඩුවට අල්ලපු කාලේ මතක් වුනා පාප්තුමනී.(නදී)
මේකට විරුද්ධවත් උද්ගෝෂණය කරයිද? (නි)
බුදුදහමේ අගය පාප් තුමාට දැනෙන්නේ එතුමා බුද්ධිමත් නිසා. අදහස් දාන අය ගැන කුමන කතාද? මම නම් බෞද්ධයෙක් වීම ගැන අසීමිතව ආඩම්බර වෙන අතර අනිත් කිසිම ආගමකට ගරහන්නේ නැහැ. (නි)
ඇයි මොකද කවුරුත් මුකුත් කියන්නේ නැත්තේ... (නි)
ජේසුස් ක්‍රිස්තුස් නම් බුද්ධ ශ්‍රාවකයා කියන පොත කියෙව්වා නම් හැමෝටම තේරුම් යනවා ජේසුස් බුදු දහම ඉගෙනගෙන කාලයට අනුව ඔහුගේ දේශනා වෙනස්කල බව. හැම ආගමකම කියන්නේ හොඳ කෙනෙකු ලෙස ජීවිතය ගෙනියන පිළිවෙල.මිනිස්සු ආගම තම වාසියට හරවාගෙන (නි)
අලුත් පාප් වහන්සේ ලෝකයේ ඇස් ඇරෙන වැඩ ගොඩක් කරයි කියලා මට නම් මුලදීම හිතුනා. මොකද එංගලන්තේ අයට හරි අමාරුවක් වෙලා තිබුනා මෙතුමාගේ පදවි ප්‍රාප්තිය (නි)
ඇයි දෙයියනේ අපිට තවම බැරි එකිනෙකාට ගරු කරන්න?(ස)
චතුරිකා ඔයාගේ ප්‍රකාෂනයෙන්ම පේනවා දැනුමේ තරම. බුදු හාමුදුරුවෝ සාමාන්‍ය මනුස්සයෙක් කියලා කොහෙන්ද ඉගෙන ගත්තේ. ඔයා ගියේ මැටි වැඩ උගන්වන පාසලකටද? (නදී)
බෞද්ධයාට වෙන දහමක් ඕනෑ නැහැ ලෝකය තේරුම් ගන්න. "කාලාම සුත්‍රය" කියන අතිශයින් සරල එහෙත් ගැඹුරු ක්‍රමවේදය අනුගමනය කරනවා නම් ජීවිතයේ ගැටළු විසඳ ගන්න දෙවිවරු ඕනෑ වෙන්නේ නැහැ. වතිකානුව ට එහි අතීතයෙන් මිදෙන්න බැරි, එහි පැවැත්ම ට අවශ්‍ය සියලුම නීති, රීති,කොන්දේසි හා තහංචි අනාගතයටත් සමගයි පණවලා තියෙන්නේ. ජෝන් පෝල් පාප් කිව්වේ බුද්ධාගම සර්ව අශුභ ආගමක් කියලා. දැන් වෙසක් සුභ පැතුම් එවනවා. මේවා ආගම් අතර සංහිඳියාවක් සඳහා කරන ඒවාද? ඒ නිසයි අප යෝජනා කළේ කාලාම සුත්‍රය හරහා මේ සුභ පැතුම් පිටුපස ඇති චේතනාව තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. (නි)
බුද්දිමත් කෝටියක් හිටියත් වැඩක් නෑ මෝඩයෝ ටිකක් ඉන්නකොට.(ස)
මේවට තමයි කියන්නේ උඩින් ඔපේ යටින් හපේ කියලා. මෙතන ප්‍රතිචාර දාන චතුරිකා ගියන කාන්තාව හරිහම නූගත් කියලා දාන ප්‍රතිචාර වලින් පේනවා.(නදී)
අන්තවාදීන්ගේ කටේ පිට්ටු හිර වෙනවා වාගේ දැනෙනවද මේවා කියවද්දී.(නදී)
ඔව් ලසන්ත, ඔබ කියන කතාව නිවැරදි වෙන්න පුළුවන්. නමුත් කුමන හෝ ආගමක අයෙකු තවත් ඕනෑම ආගමක් විවේචනය කරන්න තරම් පහතට වැටෙනවාය කියන්නේ කොතරම් පිරිහීමක්ද? වදින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටෙනවා කියල සිංහලයෝ කියන්නේ මෙවැනි දේවල් වලටත් අදාලව තමා. (නි)
කෝ සේනාව? ආගමික සහජිවනේ වෙනත් ආගම් වලින් වත් ඉගන ගනිත්වා.(නදී)
සත්‍යා කොහෙද ඉස්කෝලේ ගියේ. මේ ආගම තෙරුම් ගන්න කරන දෙයක් නෙවේ. සහජිවනේ හදන්න කරන දෙයක් කියලා ලියලා තියනවනේ.(නදී)
සත්‍යා, ඔය ඉතාලියේ පන්සල් හදන හාමුදුරුවන්ට කියන්න ආපහු එන්න කියලා.එහෙ ගිය හාමුදුරුවන්ට පිළිගැනීමක් දීලා අරාධනා කරපු එක ඔහේගේ කුහුක හිතට ඔච්චර අමාරු නම් හාමුදුරුවෝ මොකෝ එහෙ යන්නේ. (නි)
එහෙ ගිහින් කුක්කෝ වාගේ හැසිරෙනවා. මෙහෙ පල්ලි වහන්ට කියල පාරවල් ගැනේ කෑ ගහ ගහ යනවා.(නදී)
ලංකාව ආගම් යුද්ද නැති රටක්. එකට හේතුව බහුතරය බෞද්ධ වීම. (ස)
බුදුහාමුදුරුවෝ දෙවියන්ට වඩා බලවත්. ඒකයි දෙවි මිනිසුන්ගෙන් ගරු බුහුමන් ලැබුණේ. දෙවියන්ටත් සංසාරයෙන් මිදෙන්නට අවශ්‍ය නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට වැඩ කරන්න වෙනවා. අපිට මිදෙන්න තාම අවශ්‍යතායක් නැති නිසයි අපි හැම දේකටම ඇලී ගැලී සිටින්නේ. ඒත මේ හැම දෙයක්ම කවදා හරි නැති වෙනවා. අපි සත්‍යයට මුහුණ දිය යුතුයි. නැත්නම් සංසාරේ ගොඩක් දිගයි. හොඳ මිනිස්සු දෙවි වරු වෙලා බුද්ධාගම ආරක්ෂා කරනවා. ජේසුස් වහන්සේත් හොඳ වැඩ කරපු නිසා දෙවියෙක් වෙලා ඇති. බුද්ධාගමට අනුව තිස්තුන් කෝටියක් දෙවිවරු අතරින් ජේසුස් වහන්සේ එක දෙවියෙක් විතරයි. ඒත් කවදා හරි ාබෟද්ධයෙක් වෙයි බුද්ධි මට්ටම ඉහළ නිසා (ස)
අපේ රටේ ඉන්න නායක හාමුදුරුවරු කවදාවත් නත්තලකට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කෙරනවද? දැන්වත් මේවා ආදර්ශයකට ගන්නවානම් වටිනවා. (නදී)
මෙතන ඉන්න බුද්ධාගමේ ගොඩක් අය අයි මෙච්චර අනෙක් ආගම් වලට භය,,අපේ ආගමට ඕන නැහැ මුළු ලංකාවම කතෝලික කරන්න එයාලට ලෝකෙම ඉන්න ආගමේ අය ඇති.,, එහෙත් හිත හොඳින් වෙසක් උත්සවයට සුබ පැතුවත් මේ යට ඒවා පෙන්නේ කුමන්ත්‍රණ ගානට, මෙච්චර පටු අදහස් දරන්න තරම් මේ අයගේ මනස පිරිහිලාද?,,, ඉතින් කොහොමද රටක් හැටියට ඉදිරියට යන්නේ.. ආගම් (ස)