IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට

(සුමිත් පොතුපිටිය)

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

කළුතර නගරයේ සැරිසරමින් සිටි සංචාරක මඟ පෙන්වන්නෙකු විදේශිකයාට උදව් කරන මුවාවෙන් කළුතර නගරයේ පිහිටි අවන්හලකට රැගෙන ගොස් උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් මිලදී ගැනීමට සලස්වා තිබේ.

පසුව බෙල්ජියානුවා සංචාරක මඟ පෙන්වන්නා ගෙන් එහි මිල විමසා ඇති අතර , මිල රුපියල් දහසක් බව පළමුව ඔහු දැනුම් දී තිබේ.

මිල අදහා ගත නොහැකි බව විදේශිකයා සංචාරක මඟ පෙන්වන්නට දැනුම් දී ඇති අතර, පසුව එය රුපියල් 800 ක් දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.

පසුව විදේශිකයා රුපියල් දහසක මුදලක් ලබා දී ඉතිරි මුදල් ලබාගෙන වෙළඳ සැලෙන් පිටව ගොස් ඇති අතර, සියල්ල ජංගම දුරකථනයේ පටිගත කොට තිබේ.

ඔහු වෙළඳසැල ඉදිරිපිට රැඳී සිටිමින් මහමග ගමන් ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් උළුඳු වඩේ එකක මිල විමසා ඇති අතර, එහි සාමාන්‍ය මිල රුපියල් 150 ක් පමණ වන බව ඇය විසින් දැනුම් දී තිබේ.

බෙල්ජියම් ජාතිකයා එය ද සිය ජංගම දුරකථනයේ පටිගත කොට අන්තර්ජාලයට මුදා හැර ඇති අතර, එය නිරීක්ෂණය වීමෙන් පසු සංචාරක පොලිසිය සහ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සංචාරක මඟ පෙන්වන්නා අත්අඩංගුවට ගෙන අධික මිලකට අලෙවි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෙළඳසල් හිමියාටද නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (15)

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට

nimal Thursday, 18 April 2024 10:18 PM

සංචාරක මඟ පෙන්වන්නා හෝ වෙළද ආයතන තුළ මෙවැනි සිදුවීම් සිදුවන්නේත් දුෂිතයන් බිහිවන්නේත් (ව්‍යාපාරිකයන් සහ මඟපෙන්වන පුද්ගලයන් ) රට තුළ නිසි ක්‍රමවේදයක් නොමැති නිසාවෙනි. වැරදි කරනාවූ පුද්ගලයනට දඩුවම් ලබදෙනසේම ක්‍රමවේදයක් ඇතිකළ යුතුවේ.

:       2       41

සමන් ජයසේකර Thursday, 18 April 2024 10:34 PM

මූටත් දේශපාලුවන්ට ගහන හෙණම ගහන්න ඕනේ.රට කන එවුන් .ජාතිය දහම විනාශ කරන එවුන්

:       3       32

nuwan Thursday, 18 April 2024 10:51 PM

අනේ මහත්තයෝ ..ඔය විදියට කොන්ද පණ තියෙනවා නම් එයාර්පෝර්ට් එකේ ඉන්න හොර ටැක්සි කාරයො ටිකයි ,ට්‍රොලි තල්ලු කරන්න ඉන්න හොර පෝටර්ල ටිකයි අල්ලන්නකො.මිනිහෙක් රටට පය තිබ්බ තැනින්ම හූරන් කන්න හදන්නෙ අන්න ඒ හොරු සෙට් එක.මිනිස්සුන්ට වදයක් වෙන විදියට හැසිරිල බලෙන් සල්ලි ගන්න ඒ අයව අල්ලන්න බයයිද නැත්තන් තමන්ගෙ පංගුව නැති වෙන නිසාද?

:       0       58

Prabha Thursday, 18 April 2024 11:29 PM

ඉතින් සංචාරකයෝ එයිද?

:       0       22

අසාධාරණ Friday, 19 April 2024 06:04 AM

අයකලා වගේ දස ගුණයක් සංචාරකයාට වන්දියක් හැටියට ගෙවීමට කටයුතු කළොත් ඔහොම දේවල් නොවෙයි කියලා හිතෙනවා. වාහන සඳහා දඩකොළ දෙන ආකාරයට මොවුන් සඳහා ක්ෂනික ක්‍රියාමාර්ග ගැනීම සංචාරකයින්ට පහසුයි වගේම රටේ නම්බුවටත් හොඳයි...

:       1       31

primeshika Friday, 19 April 2024 06:19 AM

රටට ඩොලර් ගේන්න කිව්වට මොන බලු වැඩේ හරි කරලා ඩොලර් ගෙන්න කිව්වේ නෑ

:       0       22

Rodney Friday, 19 April 2024 07:10 AM

මෙය නැවැත්විය යුතුයි. තායිලන්තයේ මෙවැනි වංචා බහුලව සිදුවන බව මම අත්දැක ඇත්තෙමි.

:       1       12

Lalla Friday, 19 April 2024 08:06 AM

මේ වගේ නීචයෝ ඉන්දියාවේ කලාතුරකින් ඉන්නවා. ඒත් තායිලන්තය මැලේසියාව වගේ රටවල් එහෙම නෑ. ඒ රටවල මිල සෑම විටම ප්‍රදර්ශනය කර තියනවා. ආහාරවල තත්ත්වය ඉතාම ඉහළයි.අපට වඩා මිලත් අඩුයි. කෑමට අපි ගෙවන මිල ඉතාම අසාධාරණ බව පේනවා. විශේෂයෙන්ම පලතුරුවල තත්ත්වය දියුණු කළ යුතුයි. වස යොදා නොමේරූ පලතුරු ඉදවීම නීති මගින්ම තහනමට ලක්විය යුතුයි.

:       1       28

SASANKA Friday, 19 April 2024 09:12 AM

කාලකණ්ණියාව තියන්න ඕනේ ඇතුලේ මාසයක් වත්...

:       1       16

තොත්ත බබා Friday, 19 April 2024 10:52 AM

සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා ක්ෂනික දුරකථන අංකයක් සංචාරක කටයුතු භාර අමාත්‍යාංශය විසින් සකසා ගුවන් තොටුපලේ දී සංචාරකයන්ට දෙනවා නම් හොදයි කියලා හිතන්නේ නැද්ද?

:       0       22

SUNIL GUNATILAKE Friday, 19 April 2024 12:28 PM

මේ වෘත්තීමය සංචාරක මග පෙන්වන්නෙකු විය නොහැකියි.. ඒ මොහොතේ සංචාරකයා සතු මුදලක් කොල්ලා කෑමට ඉදිරිපත් වූ තක්කඩියෙකි. දැඩි පියවරක් ගැනීමෙන් මෙබඳු සිදුවීම් යළිත් සිදූවීම පාලනය කිරීමට කටයුතු කරන්න.

:       0       19

අරුන Friday, 19 April 2024 01:12 PM

වෙළෙන්දා පමනක් නොවෙයි, රජයත් කරන්නේ මේකමනේ... සත්තු වත්තට ගියත්, සීගිරියට ගියත් ඔය මිල ගහලාම තියෙන්නේ දේශීය විදේශීය වෙන වෙනම...!

:       1       23

Nihal Friday, 19 April 2024 02:28 PM

අපිට වගේම සංචාරකයන්ටත් මේ රටේ මිල අධික බවයි ඔවුන් පවසන්නේ, මේ උද්ධමනය යථා තත්ත්වයට ඒම පේන තෙක් මානයක නෑ

:       1       12

Lalla Friday, 19 April 2024 07:58 PM

මේ උද්ධමනය නොවේ. වෙළෙන්ඳන් සීමා රහිත ලාබ ලැබීම. ආනයනය හෝ දේශීය දෙකේම තොග වෙළඳාමේ පටන්ම අසීමිත ලාභ ගන්නවා. අනික ආහාරවල ප්‍රමිතිය ඉතා පහළයි.

:       0       0

Range Friday, 19 April 2024 10:52 PM

වඩය කියනකොට මට බදුල්ල මතක් වුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 102 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 317 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 526 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 740 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1419 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1113 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1841 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1651 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site