(සිරිපුර මදුෂානි අබේසිංහ)
වකුගඩු රෝගීන්ගෙන් ලේ ලබා ගැනීමට අවශ්‍ය එන්නත් කටු සති දෙකකට ආසන්න කාලයක සිට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ සායනවලට සහභාගි වන රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු සඳහන් කරති.
දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ඒකකයේ එම කටු නොමැති වීම හේතුවෙන් තමන්ට පෞද්ගලික ෆාමසි වලින් එක් කට්ටක් රුපියල් 450 ක මිලකට ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීහු සඳහ කරති.
දින තුනකට වරක් ලේ ලබා ගැනීම සඳහා කටු දෙකක් අවශ්‍ය බවත්, දෙහිඅත්තකන්ඩියේ මූලික රෝහලේ ලේ ලබාගැනීමේ කටු නොමැති වීම නිසා තමන්ට,පොළොන්නරුවට නගරයට කිලෝමීටර් හැටක් පමණ දුර ගොස් එම කටු ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීන්ගේ ඥාතීන් පවසති.
මේ සම්බන්දයෙන් කරුණු දැන ගැනිමට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ බලධාරියකු සම්බන්ධ කරගැනිමට ගත් උත්සහාය අසර්ථ විය. දුරකතනය හා සම්බන්ද වූ නිලධාරිනයක කියා සිටියේ තමන්ට කිසිවකු ප්‍රකාශ කළ නොහැකි බවයි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
වකුගඩු රෝගින්ගෙන් ලේ ගන්න කටු නැතිව දෙහිඅත්ත කණ්ඩිය රෝහලත් ලෙඩ වෙලා
ගුණරත්න Wednesday, 23 July 2025 11:16 AM
ඊයේ පත්තරේ තිබ්බ ඉහලම රාජ්‍ය ආදායම මේ අවුරුද්දේ කියල, එහෙම කරලා තියෙන්නේ මුන් පොරොන්දු වුනු ඊනියා නිෂ්පාදන ආර්ථිකයෙන් නෙවෙයි අන්තයටම හූරාගෙන කන බදු ගහල. එහෙම සල්ලි ඇදලා අරගෙනත් මිනිස්සුන්ට අවශ්‍ය මූලික දේවල් වත් සපයන්නේ නැහැ. ගිය ආණ්ඩුකාලේ මෙහෙම වුනා නම් පොළොවේ හැපී හැපී සාප කරන්නේත් මුන්ම තමයි