IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වික්ටෝරියා-රන්දෙනිගල-රන්ටැඹේ වාන් දමයි

(රංජිත් කරුණාවීර සහ  ජේ.ඒ.එල් ජයසිංහ, චන්දන උඩුවාවල) 

පවතින වර්ෂාපතනයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - දිගන කාර්යාලයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා අද (18) පැවසීය.

“දැනට පවතින වර්ෂාපතනය අනුව, මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතුරින්, වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි විය හැකි බවයි.

ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශවල වාන් මඟින් පිටවන ජලධාරිතාව හා බදුළුඔයේ ජල ධාරිතාවද ඍජුවම මහවැලි ගඟට එකතු වන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාව අවධානයෙන් සහ විමසිලිමත්ව සිටින ලෙස දැනුවත් කරන ලෙස කාරුණිකව දන්වමි.

එමෙන්ම කලාවැව ද්‍රෝණියට අයත්, කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති අතර, බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශ වලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බැවින්,පෝෂිත ප්‍රදේශ වලට ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව ඉදිරියේදි එම ජලාශ ද වාන් දැමිය හැකි බවත්, මාදුරුඔය ජලාශයද උපරිම ජල මට්ටමේ ඇති බැවින්, එම ජලාශද ඉදිරියේ දී වාන් දැමීම සිදුවිය හැක.

තවද, කාලගුණය පිළිබඳ ඉදිරි පුරෝකථනයකට අනුව, වාන් ජල ප්‍රවාහය වැඩි විය හැකි බැවින්, ජලාශ වාන් දැමීම නැරඹීම හෝ විවිධ කටයුතු සඳහා ජලාශ පෙදෙස් වලට ළඟාවීමෙන් වළකින ලෙස ද ලෙස කාරුණිකව දන්වා සිටිමි.

වික්ටෝරියා ජලාශය

රංදෙණිගල ජලාශය

රන්ටැඹේ ජලාශය



අදහස් (1)

වික්ටෝරියා-රන්දෙනිගල-රන්ටැඹේ වාන් දමයි

Saman Thursday, 18 December 2025 06:21 PM

දැන් නම් වෙලාවට අරිනවා වහනවා...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site