IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වකුගඩු එන්නත් කටුවෙන් ලොකු ගැහිල්ලක්

(ෂේන් සෙනෙවිරත්න)

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරනය සඳහා යොදා ගන්නා එන්නත් කටු රජයේ රෝහල්වල නොමැති වීම හේතුවෙන් ඒවා පෞද්ගලික ඖෂධ සල්වලින් මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් රුපියල් 100 කට වැනි මුදලකට තිබූ එම එන්නත් කටුවක් රුපියල් 760 ක් වැනි මුදලක් දක්වා ඉහල යාමෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

රජයේ රෝහල්වලට එම එන්නත් කටු ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් අදාල ආයතනය ප්‍රමිතියෙන් තොර එන්නත් කටු 400,000 ක් ආනයනය කිරීම හේතුවෙන් එම එන්නත් කටු ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවරදී පැවසීය.

එම එන්නත් කටු හිඟය හේතුවෙන් අදාල එන්නත් කටු පෞද්ගලික අංශයෙන් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කොටදී තිබෙනන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම තත්ත්වය හමුවේ අදාළ ටෙන්ඩර්කරු පෞද්ගලික අංශයට ද එම එන්නත් කටු ලබාදීම සීමා කොට යම් හිගයක් මවා පා තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (3)

වකුගඩු එන්නත් කටුවෙන් ලොකු ගැහිල්ලක්

nihal Tuesday, 07 October 2025 09:41 AM

ටෙන්ඩර්කරුට නමක් ගමක් නැද්ද? ඉස්සර ඔහොම දෙයක් උනාම මේගොල්ලෝ හැසිරුණේ කොහොමද? 2/3 තියාගෙනත් ඔය වගේ හොරෙක් අල්ලන්නවත් බැරිද?

:       1       5

ගුණරත්න Tuesday, 07 October 2025 10:47 AM

දැන් පරණ ආණ්ඩුවටයි එහි ඇමතිලාටයි බැනලා ඇඟ බේරාගන්න බැහැ. ආණ්ඩුව පුරසාරම් දෙඩු සිස්ටම් කෝ? ඩේටාබේස් කෝ? බෙහෙත් උපකරණ හිඟ වෙනකම් ඉන්න ඕන නැහැ ඒවා මිලදීගන්න. අදාළ ඉල්ලුම පුරෝකථනය කරන්න උවමනා දත්ත පසුගිය පරිභෝජන දත්ත වලින් ගන්න පුළුවන්, මේවා නොදැන ඉන්න හේතුවක් නැහැ මොකද සපයුම්දාම කළමනාකරණය ගැන විශේෂඥයන් වෙන්න ඕන මේ තනතුරුවල ඇත්තෙත්.

:       5       5

Nimal Tuesday, 07 October 2025 10:20 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site