ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 89 කි.
වාමාංශික දේශපාලනඥයකු වූ මුජිකා, ප්‍රගතශීලී සමාජ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුන් නායකයෙකි. ඔහු සමාජ ක්‍රියාකාරියකු ලෙස ද ප්‍රකටය.
මුජිකාගේ අභාවය ලොවට දැනුම් දුන්නේ, වත්මන් උරුගුවේ ජනාධිපති යමන්ඩු ඔර්සි විසිනි. ‘ඔහු සැබෑ නායකයෙක්. අවංක මිතුරෙක්. උරුගුවේ වැසියන්ගේ හද ගැස්ම ඔහුයි. ඉතිං ආයුබෝවන්’ යනුවෙන් ඔර්සි, හිටපු ජනාධිපතිවරයා ගැන ගුණ කථනයක් ද කර ඇත.
මුජිකා පිළිකාවකින් පීඩා වින්දේය. තමන් පිළිකා රෝගියකු බවත්, තමන්ට ජීවත් වීමට වැඩි කාලයක් නොමැති බවත් මුජිකා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ 2024 දීය. ඊට අමතරව, මුජිකා වකුගඩු අක්‍රිය වීමේ රෝගී තත්වයකට ද මුහුණ පා සිටි බව පැවැසෙයි.
කියුබානු විප්ලවයෙන් පන්නරය ලැබූ මුජිකා, 1960 දශකයේ අවි අතට ගත් වාමාංශික ගරිල්ලා සටන්කාමියකු විය. එදා උරුගුවේ රාජ්‍යයේ පැවැතියේ හමුදා පාලනයකි. හමුදා අත්අඩංගුවට පත්වුණු මුජිකා වසර 15 ක් සිරබත් කෑවේය. ඒ, නොයෙක් ආකාරයේ වධ හිංසාවලට ලක් වෙමිනි.
මුජිකා, උරුගුවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2009 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් දිනා ගනිමිනි. 2010 සිට 2015 තෙක් මුජිකා ජනාධිපති ධුරය හෙබවූ අතර එම කාලයේ උරුගුවේ ආර්ථිකය පිබිඳීමකට ලක් විය. ඔහු හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ බොහෝ දෙනාගේ පැසැසුමට ද හේතුවක් විය.
උරුගුවේ වැසියන්ගේ අදහස නම්, ඔවුන්ට හිමිවුණු ඉතාමත්ම නිහතමානී ජනාධිපතිවරයා හෝසේ මුජිකා බවය.
ජනාධිපති ධුරය හොබවද්දී පවා මුජිකා ජනාධිපති මන්දිරය වෙනුවට , පිටිසරබද පිහිටි සිය ගොවිපොල නිවසේ පදිංචි වීම ඊට හේතුවය. මියයනතුරුම මුජිකා භාවිතයට ගත්තේ පැරණි සහ අබලන් වූ වොක්ස්වැගන් රථයකි. මුජිකා මෙන්ම මෙම වෝක්ස්වැගන් රථය ද ලොව ජනප්‍රියය.
(ඒ.එෆ්.පී.)
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
කව්ද බෝයි Wednesday, 14 May 2025 10:49 AM
ලංකාවේත් ඉන්නවා... දුප්පත්ම දුප්පත් ජනපතිලා හතර දෙනෙකුයි, වැන්ඳඹු ජනපති බිරියකුයි. ඒ ගොල්ලෝත් ජීවත් වෙන්නේත් ජනපති මන්දිර වෙනුවට පිටිසරබද කටුමැටි නිවාසවල. ගමන්, බිමන් යන්නේ අබලන් වූ පාපැදියෙන්. බලයේ ඉන්දැද්දී, රටේ ජනතාවට ලෝකේම තියෙන ආශ්චර්යය පෙන්වපු, දිව්‍ය ලෝක සැප සම්පත් මෙලොවදීම විඳපු, රටට බරක් නොවිච්චි, ලෝකෙටම හාස්‍යයක් නොවිච්චි, උතුම්, සත්ගුණවත් කට්ටිය...!
යෝගා Wednesday, 14 May 2025 10:50 AM
ආසියාවේ දුප්පත්ම රටක ඉන්නවලු මුලින් කෝච්චියේ කඩල විකුණපු දැන් යුරෝපයේ නැව් හිමියකු වෙච්චි හාදයෙක්. හැබැයි කවදාවත් රස්සාවක් ව්‍යාපාරයක් කරපු කෙනෙකුත් නෙමෙයි...
The Three Idiots Wednesday, 14 May 2025 01:19 PM
ආසියාවේ ධනවත්ම දේශපාලකයා ඉන්නේ නම් මෙහේ. කොච්චර පෝසත්ද කියනවා නම් ජීවිතේට රස්සාවක් නොකරපු පුතාලත් ප්‍රකෝටිපතියෝ...
පොඩිඑකා Wednesday, 14 May 2025 11:08 AM
දුප්පත්ම ලොව හිටපු, ධනවත්ම ජනපති නං අපි ළඟ තවම ඉන්නවා...!
විපුල විජේතුංග Wednesday, 14 May 2025 11:27 AM
ලොව දුප්පත්ම නොවෙයි... ලොව පෝසත්ම ජනපති ඔහුයි. ඔබට සුබ ගමන් ජනාධිපතිතුමනි... (දැන් ඉන්න අයට හොද ආදර්ශයක් එතුමා)
ගුණරත්න Wednesday, 14 May 2025 11:42 AM
මේ ලෝකේ දුප්පත්ම ජනාධිපති නොවෙයි. මේ මනුස්සයා වැදගත් විදියට තමන්ගේ ජොබ් එක කරලා වැදගත් විදියට අයින් වුණා, එච්චරයි. ඔය ගැන එතුමන්ගෙන් අහලා තිබ්බාම කියලාත් තිබුණා තමන් දුප්පත්ම ජනාධිපති නොවන බව. තමන් සරල ජීවිතයක් ගත කරන්න කැමැති නිසා එහෙම ඉන්නා බව...
Sanath Wednesday, 14 May 2025 11:56 AM
ඔහු උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති. බොලිවියා නොවෙයි...