IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලොරියට යට වී සෙබළිය මරුට

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හොරගස්මංකඩ පොලිස් මාර්ග බාධකය ආසන්නයේදී අද( 22 ) යතුරු පැදියක් පෙරලුණු අවස්ථාවේ එහි පසුපස ගමන් ගනිමින් සිටි යුද හමුදා සෙබළියක ඉදිරියෙන් පැමිණි  ලොරියක යටවී  බරපතල තුවාල සහිතව රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇතැයි දංඕවිට පොලිසිය කියයි.

මෙසේ මිය ගස් ඇත්තේ යක්කල යුද හමුදා කදවුරේ සේවය කළ  මාරගල්කන්ද, ඉහලවල කුඹුර,අලව්ව ලිපිනයේ පදිංචි කාරියක වූ රාජපක්ෂ පේඩිගේ දිල්ශානි මධුෂිකා 26 නැමැත්තියකි. 

මියගිය කාන්තාව  එම යුද හමුදා කඳවුරේම සේවය කරන සැමියා සමඟ යතුරුපැදියෙන් සේවයට යමින් සිටින අතරදී හදිසියේම යතුරුපැදිය පෙරළී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. 

යතුරුපැදිය පෙරළුණු අවස්ථාවේ යුද හමුදා සෙබළිය පාර පැත්තට වැටී ඇතැයිද ඒ වන විට කොළඹ දෙස සිට අනුරාධපුරය බලා ගමන් ගනිමින් තිබූ ලොරි රථයට ඇය යටවී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

 

 

 

 

 



අදහස් (0)

ලොරියට යට වී සෙබළිය මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 607 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site