IMG-LOGO

ලුණු මෙට්‍රික් ටොන් 15,000 වැස්සට දියවෙයි

(වැසි ජලයෙන්  ලුණු අස්වැන්න යට වී ඇති අයුරු) 


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති.

රටපුරා මෙ වන විට මතුව ඇති  උග්‍ර ලුණු හිගයකට ප්‍රධාන හේතුව ලෙස බලපා තිබුනේද  ලුණු නිෂ්පාදනයට නිසි අව් රශ්මිය අහිමි වි වැස්ස නිරන්තරයෙන් පැවතීම බවද ඔවුහු කියති.

ශ්‍රී ලංකාවේ සමස්ථ ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම සියයට 60 කට ආසන්න දායකත්වයක් දක්වා ඇති අතර නිසි අව් රශ්මිය පැවති සමයන් වලදි මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික අස්වැන්නක් ලබා දීමට කටයුතු කර තිබු බව පුද්ගලික හා රජයෙ ලුණු ලේවායන් වල අදාල අංශ පවසති.

ලුණු නිෂ්පාදනයට බාධා එල්ල කරමින් පැවති වර්ෂා තත්වය ලුණු වගා කරුවන්ටද බරපතල ආර්ථික ගැටළු මතු කර තිබුණි.

ලුණු ලේවායන් වල රුපියල් 1500 ක මිලකට නියම වී තිබු  ලුණු කිලෝ 50ක බැගයක් මේ වන විට රුපියල් 7000 කට ආසන්න මිලකට ඉහළගොස් ඇත. සිල්ලර මිලද මේ වන විට ඉතා ඉහළමට්ටමක පවතී

මේ සියල්ල හමුවේ පසුගිය සමයෙ දැඩි අව් රශ්මියක් පුත්තලම පතිත වි ලුණු ලේවායන් වල ලුණු පදම් වෙමින් එය යල කන්නයෙ ඉහල අස්වැන්නක් වාර්තා කරන තත්වයට පත්වෙමින් තිබියදී , නොසිතු ලෙස ඊයේ (17)  සිට නැවත වර්ෂාව පතිත විමත් සමඟ නැවතත් පුත්තලමේ ලුණු අස්වැන්න නොලැබිමේ තත්වයට පත්ව ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.


( ලුණු අස්වැන්න නෙලීම සිදු කරන අයුරු  පසුගිය කන්නයේ ඡායාරූප පෙළකි)



අදහස් (0)

ලුණු මෙට්‍රික් ටොන් 15,000 වැස්සට දියවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 217 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 103 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1716 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site